fbpx
11.4 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකන්ස්, ජනමාධ්‍ය හා සඳරුවිනි | ගවිත්‍රී ‍යටිගම්මන – වෙලින්ටන්

Must read

ඕස්ට්‍රේලියාවෙ මොනෑෂ් විශ්ව විද්‍යාලයයේ ‘ජනමාධ්‍ය’ පිළිබඳ විශාරද උපාධිය (Master’s Degree) හැදෑරු සඳරුවිනීට ශ්‍රි ලන්කන්ස් පුවත්පත හා සම්බන්ධ වන මෙන් අපි ඇරයුම් කළෙමු.

අපගේ ප්‍රජාව වෙනුවෙන් ස්වෙච්ඡා දායකත්වයෙන්, මුදලට ලබාගත නොහැකි ආත්ම තෘප්තියක් අනෙකුත් සාමාජික සාමාජිකවන් ලබා ගන්නා බව, ඔවුන්ගේ වෘත්තීයමය පැවත්ම  (Profile) ක්ෂෙත්‍රයට ගෙන යාමට ඉන් යම් ඉඩකඩක් ලැබෙන බව, නවසීලන්තයේ අද ජාතික මට්ටමෙ ප්‍රමුඛයින් වී ඇති බොහෝ ජ්‍යේෂ්ඨ ජනමාධ්‍ය වේදීන්ගේ ප්‍රවිෂ්ඨය ප්‍රජාපුවත්පත් බව, හා මාධ්‍යයේ විවිධ අංශවල පෙන්වන දක්ෂතා සඳහා වාර්ෂිකව ලබා දෙන ප්‍රධානයන් බොහොමයක් ප්‍රජාපුවත්පත් වල මාධ්‍ය වේදීන්ද හිමි කරගන්නා බව අපි පෙන්වා දුනිමු.

අපගේ ඇරයුම පිළිගත් සඳරුවනී ශ්‍රී ලන්කන්ස් පුවත්පතට, වෙබ් අඩවියට හා සමාජ මාධ්‍යයට එක් වී මාහැඟි දායකත්වයක් ලබා දුන්නාය. ඉක්බිති නවසීලන්තයේ  ‘Stuff’ මාධ්‍ය ආයතනයට බැඳුණු ඇය ශ්‍රී ලංකන්ස්හි ගවිත්‍රි යටිගම්මන  සමග තම වෘත්තීයමය අද්දැකීම් ගැන කළ සාකච්ඡාව පහතින් සාරාංශ කර පළ කරමු. -ශ්‍රී ලංකන්ස්-

***

ශ්‍රි ලංකන්ස් සමග සාකච්ඡාවකට ආ ඔබ ස්තූතියෙන් පිළි ගන්නවා. අපේ පාඨකයින්ට මුලින්ම කියන්න පුළුවනිද සඳරුවිනි ඔබ කවුද කියල?

මාව සාකච්ඡාවට එක්කර  ගැනීම  සතුටක්. ගොඩාක් ස්තූතියි. මා ගැන කියනවා නම් “පවුලේ අය එක්ක තොරතුරු හුවමාරු කරගනිමින්, අනිත් අය සමග අත්දැකීම් බෙදාගනිමින් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක් මම.” ඒ වගේම කියවීම මගේ පුරුද්දක්. රූපවාහිනිය බලන්න  නිවාඩු පාඩුවේ ඉන්න කොට දෙයක් රස විඳින්න, විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න කැමති කෙනෙක්.

රැකියාවක් ලෙස ජනමාධ්‍ය තෝරා ගත්තේ ඇයි?  ඒ විෂය ඔබව ආකර්ෂණය කළේ ඇයි?

මම මගේ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor’s of Arts Degree) කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. උපාධියෙන් පසු මම කල්පනා කෙරුවා මට මොකක්ද වෘත්තීය ලෙස තෝරා ගැනීමට සුදුසුම ක්ෂේත්‍රය කියලා.” ඒ පිළිබඳ අධ්‍යයනය කළා. ජනමාධ්‍යයට මම පොඩි කාලෙ ඉඳන්ම හරිම කැමතියි. ලංකාවේත් මේ රටවල් වලත් ජනමාධ්‍ය (Media) පවතින විදිය එකිනෙකට බොහොම වෙනස්. ලංකාවේ මීඩියා ක්ෂේත්‍රය දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඒ නිසා ආශාවක් තිබුණත් ජනමාධ්‍යකලාවට යොමු වෙන්න පැකිලීමක් තිබුණා. උපාධියෙන් පස්සේ Monash විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ පාඨමාලාව දැකලා එහි අන්තර්ගතයට මම ආශා කළා. ඒ නිසාම ඒ අයගේ වීඩියෝව බැලුවා. පාඨමාලාව පිළිබඳ කියලා තියෙන ඒවා හැදෑරුවා. ඒ එක්කම මාගේ හැංගිලා තිබුණ කැමැත්ත යළි මතු වුණා.

මොනෑෂ් සරසවියේ විමර්ෂනාත්මක ජනමාධ්‍යය (investigative journalism) ගැන පාඨමාලාත් තිබුණා.ඒ පිළිබදව ඇතිවුණ කැමැත්ත නිසා මේ ක්ෂේත්‍රයෙන් ම රැකියාවක් කරන්න ආශාව වැඩිඋනා.   ඒ නිසා මම ජනමාධ්‍ය රැකියාව ලෙස තෝරා ගත්තා. මම විශාරද උපාධිය කරන්න ඕස්ට්‍රේලියාවට ගියා. පාඨමාලාව කරද්දි ඉස්සර ඒ ගැන කියවපු දේවල් අත්දැකීම් තුළින් ලබන්න පුළුවන් වුණ නිසා මා ගත් තීරණය ගැන සතුටු වුණා.

ඔබ ඕස්ට්‍රේලියාවේදී ලබාගත් අත්දැකීම කොයි වගේද?

පොතේ වගේම ප්‍රයෝගිකවද දැනුම ලබා දෙන්න ඒ අය කටයුතු කළා. වාර්තාකරණය පැවරුමක්, රචනාවක්ම නොවේ . අපිම එළියට ගිහිල්ලා පව්‍රෘත්තියක් සොයාගන්න ඕන. ඊට පස්සේ එයට සම්බන්ධ මිනිස්සුත් එක්ක කතා කරලා තොරතුරු හොයලා බලලා ඒ පව්‍රෘත්තිය වාර්තාකරන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ ම අපිට පව්‍රෘත්ති කාමරයක් (News Room)තිබ්බා. ඒකෙන් අපිට පව්‍රෘත්ති විකාශනය පිළිබඳ අත්දැකීම් ඒ විදිහටම ලබාගන්න පුළුවන් වුණා. මේ නිසා විශ්වවිද්‍යාලයෙන් ගත් අත්දැකීම රැකියාවක් කළා හා සමානව මට වටිනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඟරාවක් වන  Casper Magazine සමඟ අවුරුදු දෙකක් පමණ වැඩ කලා. එහිදී මට විවිධ ක්ෂේත්‍ර වලට අදාළ විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිවීම මෙන්ම Audio & Visual වාර්තකරණයද වැඩිදියුණු කරගන්න අවස්ථාව උදාවුනා. ලංකාවේ ප්‍රවෘත්ති දකින විදිහ මෙහෙ ප්‍රවෘත්ති දකින විදියත් එක්ක වෙනස් කියලා හිතුණා. ලංකාවේ ප්‍රවෘත්ති ගොඩක් වෙලාවට සත්‍ය විකෘති කරනවා, ප්‍රේක්ෂකයන්ගේ අවධානය ගන්න. ප්‍රවෘත්ති ලියද්දි වුණත් බැරෑරුම් වචන පාවිච්චි කරන්න බලනවා. නමුත්  ප්‍රවෘත්තිය ඇත්ත ඇති සැටියෙන් කාටත් තේරුම් ගන්න පුළුවන් සරල භාෂාවෙන් ලියන එකේ තියන වටිනාකම මම ඕස්ට්‍රේලියාවේ දී ඉගෙන ගත්තා.

ශ්‍රී ලංකන්ස් පත්තරේ හා සම්බන්ධ වෙද්දී ඔබට සිතුනේ කුමක්ද ? ඒ අත්දැකීම විස්තර කළොත්? 

මම ඉස්සෙල්ලම පත්තරේ දැක්කේ ඕක්ලන්ඩ් ඉද්දි. ලංකාවේ පත්තරයක් නවසීලන්තයේ තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට මේක දකිද්දි ගොඩක් ආස හිතුණා. මොකද මං කරන ක්ෂේත්‍රයටම අදාළ නිසා. වෙන රටක ඉන්න කොට ලංකාවෙ දෙයක් දැක්ක ගමන් ආස හිතෙනවනේ. ඉතින් ඒ හැඟීමම මට පත්තරේ දකිද්දී ඇති වුණා. මුලින්ම පත්තරය සමග ලේඛකයෙකු වශයෙන් විතරක් සම්බන්ධ වෙන්න හිතුවත්, ශ්‍රී ලන්කන්ස්හි අනූ අක්කා සමඟ කළ කතා බහට පසුව ටීම් එක සමග එක්ව ස්වෙච්ඡාවෙන් වැඩ කරන්නද අවස්ථාවක් උදා වුණා.

ශ්‍රී ලංකන්ස්  සහ සම්බන්ධ වීමත් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමත් පිළිබඳ ලැබුණ අත්දැකීම් මොන වගේද?

ස්වේච්ඡාවෙන් වැඩ කිරිම පිළිබඳ අත්දැකීමක් මුලින්ම මම ඕස්ට්‍රේලියාවේදී  ලබාගත්තද ලංකාවේදී අපිට ඊට වෙලාවක් වෙන්කර ගන්නේ නෑ. ඉතින් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා කියද්දී මම තවත් සතුටු වුණා. මොකද ලංකාවෙන් ලැබිච්ච නැති අත්දැකීමක් නවසීලන්තයේ ඉඳගෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට උදව්වක් වෙන විදිහට මට යමක් කරන්න පුළුවන් වෙන නිසා. මගේ වෘතීමය ක්ෂේත්‍රයේම එහෙම වැඩ කරන්න ලැබුන අවස්ථාව ගොඩක් වටින දෙයක් වුණා.

යම් කිසි කෙනෙක් රැකියාවක් ලෙස මාධ්‍ය කලාව තෝරා ගන්නවා නම් සැලකිය යුතු කරුණු මොනවාද ? 

ඒ ජීවන රටාවට රුචියක් තියෙන්න ඕන. ප්‍රවෘත්ති වලට කැමැත්තක් තියෙන්නෙ ඕනේ, මිනිසුන් ආශ්‍රය කරන්න, විවිධ කතාවල් හොයාගන්න ජීවිත අත්දැකීම් ලබාගන්න පුළුවන් නම් ඒවා හොයාගන්න පුළුවන් නම්, තනියම තමන්ගේ කාලය වැය කරන්න පුළුවන් නම් මේ තුළ රැඳෙන්න පුළුවන් .

පළමුව සඟරා සහ පත්තර වලට ලියලා ඔබ ලිවීමට ඇත්තටම කැමැත්තක් දක්වනවාද කියලා  හොයාගන්න පුළුවන්. ඉගෙන ගන්න දේත් වැදගත් වගේම අත්දැකීම් ද ගොඩාක් වටින නිසා මුලින්ම සරලව මෙය ආරම්භ කරන්න පුළුවන්.  වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කැමතීනම් Journalism සහ Media & Communications වැනි පාඨමාලා කරන්න පුළුවන්. ඒ වගේම  ශ්‍රී ලන්කන්  පත්තරය වාගේ දෙයකට බැඳිලා  ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අත්දැකීම් ලබාගන්න පුළුවන්. ඔබේ අදහස්  සමාජ මාධ්‍ය මගින් පල කරන්න පුළුවන්. ඉතින් එවැනි ආරම්භයක් අරන් මෙය ඔබේ වෘත්තිය කරගන්න පුළුවන්.

මාධ්‍ය කලාවම ජීවිතය කරගත් ඔබට අමතක කළ නොහැකි අත්දැකීම පිළිබඳ මතක් කළොත්?

මේ දේ සිද්ද වුණේ මම ‘Stuff’ පුවත්පත් මාධ්‍ය ආයතනයේ වැඩ කරද්දී. යුධ වාර්තාකරණය පිළිබඳ පළමු පෙළ අත්දැකීමක් මට ගන්න සිද්ධ වුණේ යුක්‍රේන යුද්ධය ගැන වාර්තා කරන්න යද්දි. යුද්ධය පිළිබඳ වාර්තා කරන විට ඒ පිළිබඳ හදාරන්න ඕනෙ . අපි සමාජයට ඒවගේ සංවේ දී මාතෘකා මාධ්‍යවල ඉදිරිපත් කරන්න කලින් විමර්ශනය කරනවා, සංස්කරණය කරනවා, යම් නිර්ණායකයන් අනුව තෝරාගන්නවා. නමුත් මේ පුවත් අපිට මුලින්ම ලැබෙන්නේ කිසිදු සංස්කරණයකින් තොරව. එතරම් සංවේ දී වාර්තාකරණයක් මම කරපු පළවෙනි අවස්ථාව ඒකයි. එවැනි පුවත් සමග දවස ගත කරද්දී මනස කැලැබෙනවා. නමුත් ඒ අත්දැකීම නිසා මට එවැනි හැඟීම් පාලනය කරගෙන රාජකාරිය හරියට කරන හැටි ඉගෙ නගන්න පුළුවන් වුණා. ඒ නිසා මට එය අමතක වෙන්නේ නැහැ.

අප හා සම්බන්ධ වීම පිළිබඳවඔබට බොහොම ස්තූතියි. ශ්‍රී ලංකන්ස් පුවත් පතට ඔබෙන් ලැබුණ දායකත්වය අපි අගය කරනවා. මෙය කියවන ඔබ වැනි තවත් අය ශ්‍රී ලංකන්ස් එක්ක වැඩ කරන්න යොමුවනු අතැයිද අපි බලාපොරොත්තු වෙනවා.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.