fbpx
10.1 C
New Zealand
Sunday, May 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත ලාංකිකයිනට අත්වැලක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

USLA (Auckland)  නවසීලන්තයේ ලාංකික ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානතම සංවිධානයක් වෙයි. සතිපතා පවත්වන ගුවන්විදුලි වැඩසටහන හා සිංහල පාසල එම සංවිධානය විසින් අඛණ්ඩව පවත්වා ගෙන එන බොහෝ ප්‍රජා වැඩ සටහන් අතර මුලික ඒවා වෙයි.

එම සංවිධානය නවසීලන්තයේ ජීවත්වන සියලුම ලාංකිකයින් වෙනුවෙන් ආරම්භ කරන ලද උපකාරක සේවාව  (Helping whatsapp group ) ඉතා අගය කළ යුතු ප්‍රජා සත්කාරයක් ලෙස දක්නට ලැබීම සතුටකි.

උපදෙස් සොයන්නන් සහ අපගේ ශ්‍රී ලංකා ප්‍රජාව තුළ සිටින උපදෙස් සපයන්නන්, සේවා සොයන්නන් සහ සේවා සපයන්නන් එකට මුණ ගැස්වීම මෙහි ප්‍රධාන ඉලක්කය වෙයි. නවසීලන්තයට අලුතින් පැමිණෙන හෝ දැනටමත් පදිංචිව සිටින අය වෙනුවෙන් සම්පත් හා උපදෙස් නොමිලයේ හුවමාරු කර ගැනීම දිනපතා දක්නට ලැබෙන කරුණක් බවට පත්වී ඇත. සමස්තයක් ලෙස බොහෝ ලාංකික ප්‍රජාවගේ ප්‍රසාදය මෙම කණ්ඩායමට ලැබෙමින් තිබීම සතුටට කරුණකි. සැමට ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම කණ්ඩායමේ පරිපාලක ලෙස කටයුතු කරන ක්‍රිෂාන් කාලය ශ්‍රමය කැපකර ප්‍රජාවේ එකිනෙකා සම්බන්ධ කරලීමට ගන්නා ප්‍රයත්නය පැසසුමට ලක් කළ යුතුය. 

ඒ වගේම විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුත් අයගෙන් නිතිපතා සම්මන්ත්‍රණ දියත් කරලීමද මෙම වැඩ සටහන තුළ ඔවුන්  බලාපොරොත්තු  වන ප්‍රජා කටයුත්තක් වෙයි. ඔවුන්ගේ ප්‍රථම වැඩ සටහන ලෙස සුපිරි වෙළඳසැලේ අධික බිල්පත් මගහරවා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමටත් මෙම දුෂ්කර කාලවලදී අපට ඉතා ප්‍රයෝජනවත් එකක් වූ ගෙවතු වගාව පිළිබඳව අපූරු සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය.  එම වැඩ සටහන වෙනුවෙන් පේරාදෙනිය විශ්ව විද්‍යලයේ හිටපු කෘෂිකර්ම කථිකාචාර්ය වරයකු වන ත්‍රිමාවිතාන සහභාගි වීය.

වෙනත් විවිධ වෘත්තිකයන් සමගද මෙවැනි වැඩමුළු ඉදිරියේ සංවිධානය කිරීමට මෙම සංගමය සැලසුම් කර ඇති අතර සියලුම සේවාවන් නොමිලේ සැපයීමට USLA (Auckland) සංවිධානය බලාපොරොත්තු  වෙයි. 

මෙම whatsapp group වෙත එකතුවීමට +64 027 2113591 හරහා ඔබට හැකියාව ඇත.

*** විභාවි ***

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.