සංක්‍රමණිකයා වානිජ අගනගරයේ සිට ගම්බද පළාතක සංක්‍රමණය වූයේ වෙනස්ම අත්දැකීම් සමුදායකට සූදානම් වෙමිනි. ජීවිත කාලය තුලම නගරවාසී වූ සංක්‍රමණිකයාට ගම්බද වාසය වෙනස්ම අභියෝගයක් වූවත් එය සැබැවින්ම ඉතා සිත්ගන්නා සුලු අත්දැකීමක් වීමට ගතවූයේ ඉතාම ටික කාලයකි. මේ වනවිට සංක්‍රමණිකයා වාසය කිරීමට තෝරා ගන්නා ගනුයේ වයිරරප්පා නැමැති ගම්බද පළාතකි. තරරුවා කඳුවැටියෙන් වටවූ වයිරරප්පා කියන්නේ හරිම සුන්දර ගම්බද පළාතක්.
මෙහි ජනගහනය 25000ක් පමණ වන බව පැවසෙනවා. වයිරරප්පා වලට වෙලින්ටන් ඉඳල එන්න නම් රෙමුටකා කියල කඳු පන්තියක් තරණය කරලයි එන්න වෙන්නේ. ඔය ගමන පැයක විතර ගමනක්, හැබැයි හරිම සුන්දරයි ගමනක්. සුද්ද ගල විද්දේ නැත්තන් නුවර මිනිස්සුන්ට වෙන දේම තමා රෙමුටකා පාර නැත්නම් වයිරරප්පා මිනිස්සුන්ටත් වෙන්නේ. මොකද වයිරප්පා වලට ගුවන් තොටුපළක් නෑ, රෙමුටකා පාර විතරයි එකම පිහිට. රේල් පාරක් තිබුණත් උදේ හා හවස දුම්රිය පමණයි ධාවනය වන්නේ. රමුටකා පාර 18 වංගුවක වගේ, ඒ වගේම හරිම පටු පාරක්. හැබැයි මේ පාර කිසිම විශ්වාසයක් තියා ගන්න බැරි පාරක්. එක්කො ගල් පෙරලිලා කියල වහලා, එහෙමත් නැත්නම් නාය ගිහින් කියල වහල, එහෙම නැත්නම් පාර හදන්න කියල එලිවෙනකල් වහලා. ඒ නිසා වයිරප්ප මිනිස්සු හැම වෙලේම රෙමුටකා පාර තත්වය ගැන හරිම අවදානයකින් ඉන්නේ.
මේ ළඟදි රෙමුටකා පාර මහ දවල් පැයක් වහල තිබුනා. ඒ Feral Goats Hunting වලට. කැලෑ එළු පනින එක සෑහෙන අනතුරු වලට මුල් වෙලා, ඒ වගේම රෙමුටකා පාරේ ස්වභාවයත් එක්ක වාහනයක් හෙළට වැටෙන්න තියන අවස්ථාව ඉතාම ඉහළයි. Culling එහෙමත් නැත්නම් වැඩි වන සතුන්ගේ ගහණය සමූහ ඝාතනය මගින් පාළනය කිරීම බොහෝ රටවල සුලභ දෙයක්. ආසියාවේ ඇදැහිලි හා විශ්වාස මත සත්ව ඝාතනය අනුමත නොකළත් අනෙක් බොහෝ රටවල් අනවශ්‍ය වන සතුන් පරිසර පද්ධතියෙන් බැහැර කිරීමට දෙපාරක් සිතන්නේ නැත. ඒ වගේම ගොවිපළ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගොවිපළ සදහා හානිකර වන සතුන් මර්ධනය කිරීම සිදුවන්නේ රජයේ අනුග්‍රහනයෙනි.
වයිරරප්පා ප්‍රදේශයට මෑතකදී ආ ඉංදියානූ දොස්තර නෝන කෙනෙකු සංක්‍රමණිකයා හා අපූරු කතාවක් පැවසූවාය. ඇය හමුවට ආ බහුතර රෝගීන්ගේ ජීවන මාර්ගය ලෙස සඳහන්ව ඇත්තේ ‘Farmer’ හෙවත් ගොවියා යනුවෙනි. දකුණු ආසියාතික කලාපයේ ගොවීන් හට ප්‍රතිකාර කර තිබූ මේ නෝනා හට ගොවීන් ගැන තිබුනේ ඉතාම මුදු සිතකි. ඒ ඔවුන් ගේ ආර්ථික හා සමාජීය ගැටළු ගැන ඇය හට ඉතා හොඳ අවබෝධයක් තිබූ බැවිනි . කිවී ගොවියන් ගැනද එවැනිම මුදු සිතක් ඇති වූ මේ නෝනාගේ මුවේ වූයේ ‘අනේ අහිංසක ගොවියෝ’ යන වැකියයි.
නමුත් ඉතාම ටික කාලයකට පසු වයිරප්පා පළාතේ කිවී ගොවියන්ගේ ආර්ථික හා සමාජීය පසුබිම හඳුනා ගත් දොස්තර නෝනාට ගොවියන් දුටු විට තමා ගැනම දුක හිතෙන බව සංසංක්‍රමණිකයා හා පැවසූවා.
වයිරප්පා පළාතේ ශ්‍රී ලාංකිකයන් ද 100 ට ආසන්න ප්‍රමානයක් ජීවත් වන අතර ඔවුන් තමන්ටම අනන්‍ය ජීවිකාවන් කරමින් සතුටින් දිවිගෙවනවා. දොස්තර වරුන්, වතු හිමියන්, හෝටල් අයිතිකරුවන්, ගොවියන් මේ අතර ප්‍රදාන ස්ථානයක් හිමිකර ගන්නවා.
-යසි-
By Yasasi Gunarathna – Auckland