පතපොත හා බැඳුණු ජීවිතය, සංගීතය වෙලිංටන් අහස යට දිගහැරුණා පසුගිය ජූලි විසි අට වනදා. “ශ්රි ලංකන්ස්” පුවත් සඟරාවට පස් වසරක් පිරීම ද මුල් කරගෙන දියත් වූ තවත් වැඩසටහනකි “වෙලිංටන් අහස යට”. අපේ ‘පාසල් මතකය’ තේමාව විය.
අඹ යහළුවෝ, ගැහැණු ළමයි, ගම්පෙරළිය සහ සුද්දිලාගේ කතාව යන නවකතා ගැන කතාබහ කරමින් පාසැල් මතකය අලුත් කළේ ක්රිෂාන්ත වෑවිට සමඟින් දිමුතු විජේසූරිය. අඹ යාලුවෝ කතාව මතක් කරමින් ‘කටු අකුලේ මල් ඇහැරේ’ ගීතය ගායනා කළේ තිසජ ආරියසිංහ සමගින් අත්වැල් ගායනය බියන් කස්තුරි, සංඛි රුද්රිගු, අදිති රුද්රිගු, ගයන්ද්රා වික්රමසිංහ යන දරු පිරිසයි. ගැහැණු ළමයි මතකය අලුත් කරමින් ‘වියෝ ගී ගැයෙනා’ ගීතය ගායනා කළේ ඩිඅන්ද්රා වික්රමසිංහ. ගම්පෙරළිය පොතට සමගාමීව ගැයුනු ‘පාත ඉඳන් අපි ආවේ’ ගීතය ගායනා කළේ ආලෝකා චන්ද්රසේකර. සුද්දිලාගේ කතාව මතක් කරමින් ලදුනේ ගීතය ගායනා කළේ මිහින් පෙරේරා.
ඉන්පසුව දෙහෝරාවක කාලයක් පුරාවට පාසල් කාලයේ දී රසවිඳපු ගීතාවලියක සොඳුරු අත්දැකීමක් ලබන්නට ද හැකි විය. මෙම ගීතාවලිය තවත් රසවත් කරන්නට ලෝෂිත හසරැල් සහ තත්සරණි ද සිල්වා ද එකතු විය.
වාදනයෙන් සහාය වූයේ ඩිහාන් හෙට්ටිආරච්චි, රචිත පෙරේරා,කසුන් පෙරේරා, ශනුක රත්නායක සමගින් මිහින් පෙරේරා.
වැඩසටහන ආරම්භයට මත්තෙන් ඇසුණු Saxophone වාදනය ලලිදු මුණසිංහගේ ඉදිරිපත් කිරීමකි.
ශ්රී ලංකන්ස් කණ්ඩායමට අමතරව මෙම වැඩසටහන සංවිධානය කර ගැනීමට උමාශා අමරතුංග, ඉමන්ති කස්තුරි, ක්රිෂාන්ත වෑවිට සහ රංග සමරසේන සහාය විය.
ඒ වගේම කතාබහ කරපු පොත්වල ඇතුළත් වුණු දෙබස් කාණ්ඩ ඉතිරිපත් කළේ ශේවොනිකා ප්රනාන්දු, ආලෝකා චන්ද්රසේකර, රංග සමරසේන සහ කසුන් පෙරේරා.
ඡායාරූප පංචමි ධර්මසේන ගෙන් සහ වීඩියෝ පටය රොමේෂ් රුද්රිගු ගෙනි.
වැඩසටහනේ @ශබ්ද පරිපාලනය ප්රදීප් සිල්වා අතින් සිදු විය.