fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පොත් අතර සැතපෙන සැප්තැම්බරයක් !

Must read

කලාවේ පිබිදීම දිගටම වර්ණ ගන්වන පිටු අතර ගැවසෙන්නන්ගේ මංගල්‍යයක්, පොත් අතර සැරිසරන කියවන්නන් ගෙන් පිරී ඉතිරී යන සැණකෙලියක්, හැමදාම වගේ මෙවර සාහිත්‍ය මාසයේ පොත් ප්‍රකාශකයන් ගේ මූලිකත්වයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සියලු දෙනාටම විවෘත වන වගයි!!

මෙවර විසි තුන්වන වරට සැප්තැම්බර් මාසයේ 18-27  කාලය පුරාවට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර 1999 වසරේ සිට වාර්ෂිකව මේ උත්සවය පැවැත්වීම අප ලද සුවිශාල ජයග්‍රහණයකි!

“ කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදේන කාලො ගච්චති ධීමතඃ”  යනුවෙන් පැරැණි සංස්කෘත කියමනකි.

පැරැන්නන්ගේ මතයට අනුව පඬිවරුන් කල් ගත කරන්නේ කාව්‍යශාස්ත්‍රය ඇසුරු කරයි. මෝඩයන් තමන්ට හෝ අනුන්ට විපතක් කර ගනිමින් කාලය ගෙවා දමයි. මෙය අදට ද මනාව ගැළපෙන කියමනකි. සාහිත්‍ය පිළිබඳ මිනිස් වර්ගයා තුල ඇති අල්ප දැනුම නිසාම ජන සමාජය ලැබුවාවූ පාඩු එමටය.

එහෙත් අද පවතින පාසල් පද්ධතිය තුළ සාහිත්‍ය මාසය මුල් කරගෙන පවත්වන විවිධ ක්‍රියාකාරකම් සහ විශ්ව විද්‍යාල වල පැවැත්වෙන සාහිත්‍ය උත්සව ලාන්කීය සමාජය  තුළ නව නිර්මාණකරුවන් බිහි වීමට මහත් රුකුලක් විය.

සාහිත්‍ය මාසය ගැන කියවෙන කොට රාජ්‍ය සාහිත්‍ය උත්සවය මුල් තැනක් ගනී. නිර්මාණකරුවන් බලාපොරොත්තු දල්වා සිටින ඒසා සුවිශාල උත්සවය සැබැවින්ම සාහිත්‍යය අගයන ,සාහිත්‍යයට ආදරය කරන, ,සාහිත්‍ය රසකාමී සුහර්දයානන් වෙනුවෙන් අසුන් තනන මණ්ඩපයකි. නමුත් අද එයට නිසි තැන හිමි වේද?

ලංකා පොත් ප්‍රකාශකයන්ගේ  අනුග්‍රහයෙන් පවත්වන ලද ස්වර්ණ පුස්තක සම්මානය ද ඊට සමගාමීව පවත්වන අතර මුල් වරට එම සම්මානයෙන් පිදුම් ලැබුවේ කරුණාදාස සූරියආරච්චිගේ “කන්ද පාමුල” කෘතියයි.

2020 වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා පොත් පහක් සුදුසුකම් ලැබූ අතර, 2022 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණා විසින් රචිත” නිෂ්ක්‍රාන්තිය “නම් ග්‍රන්ථය පිදුම් ලැබුවාය.

ප්‍රවීන රචක මොහාන් රාජ් මඩවලයන්ගේ “නිල් කට්රොල්” මලේ සුවඳ මෙන්ම හසන්ති තුඩුහේන වැනි නවක ලේඛිකාවන්ගේ “මන්දිරා” දක්වාම අලුත් පොතක නැවුම් පහස විඳින්න පුළුවන් යුගයක් නවසීලන්තයේ සිටින ඔබටත් අද වෙද්දි උදා වී ඇත . මේ පිලිබද ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්)  අප පසුගිය කලාපයේ ඔබව දැනුවත් කෙලෙමු.

රැල්ලට නොයන නිර්මාණකරණයට වඩා එහා ගිය අර්ථාන්විත සාහිත්‍ය මාසයක් , පොත් අතර සැතපෙන සැප්තැම්බරයක් ගත කිරීමට ඔබටත් සුදුසුම කාලය මෙයයි.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.