fbpx
8.8 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මානවවාදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු ගේ නික්ම යාම..

Must read

ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙපලක් වන සුනිල් මාධව ප්‍රේමතිලක සහ බන්දුල පද්මකුමාර යන මහතුන් තම දිවිසැරියෙන් සමුගත්තේය.

ශ්‍රී ලාංකීය මාධ්‍ය සහ පුවත්පත් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ බන්දුල පද්මකුමාර මහතා ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙක් සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයාද විය එමෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පෙරගමන්කරුවා ද ඔහු විය. ඔහු ස්වර්ණවාහිනී නාළිකාවේ ඉදිරිපත් කළ මුල් පිටුව සහ ලෝක සිතියම එකළ කා අතරත් ජනාදරයට පාත්‍ර වූ කාලෝචිත වැඩසටහනක් විය.

සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ද ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ අයෙකි ඔහු කොළඹ යුගයේ කවියෙක් වූ මීමන ප්‍රේමතිලක කවියාගේ පුත්‍රයෙකි. පසුගිය දිනක ඔහු “කලාභූෂණ”රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. සුනිල් මාධව ප්‍රේමතිලක මහතා විසින් කෘතීන් කිහිපයක් ම පරිවර්තනය කොට ඇත. එයින් වඩාත් ප්‍රචලිත වූයේ “සත්‍ය සොයන්නකු ගේ දිනපොත”යි. මීට අමතරව හඬනු මැන නිදහස, කැරොලිනාගේ දින පොත, මොහොමඩ් අලි යන කෘතීන් ඔහු අතින් පරිවර්තනය වූවකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.