fbpx
11.6 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආයුබෝවන් කැන්ටබරි | Nilmini Thilakaratne

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආයුබෝවන් කැන්ටබරි කියන්නේ ලංකාවත් නවසීලන්තයේ කැන්ටබරි නගරයත් එකට එකතු කරන මාස් පතා ගුවන්ගත වෙන පැයක විදුලි වැඩසටහනට. මේ වැඩසටහන පටන් ගැනුනෙ 2023 දි හිමාෂාත් හංසිනිත් ප්ලේන්ස් එෆ්. එම්. එක්ක එකතු වෙලා. මාස කිහිපයකට පසුව රන්මලී එකතු වෙන්නෙ හං සනීගෙ සමුගැනීමෙන් පස්සෙ. හිමාෂා, කැන්ටබරී විශ්ව විද්‍යාලයේ, ඇයගේ ආචාර්‍ය උපාධිය හදාරන සමයේ තමන්ගේ වටිනා කාලයෙන් විශාල කොටසක් දායක කළේ මේ වැඩ සටහන දිනෙන් දින වැඩි දියුණු කර ගැනීමටයි. ඒ වගේම රන්මලීත් එම විශ්ව විද්‍යාලයේම ඇයගේ පශ්චාත් උපාධිය (ළමා සහ පවුල් මනෝවිද්‍යාව) හැදෑරූ අතර, “ආයුබෝවන් කැන්ටබරි” පෙර සැලසුම් බොහෝ සවස් කාලවල කැන්ටබරී විශ්ව විද්‍යාලය තුළම ගොඩනැගුනි. මේ යෞවනියන් දෙදෙනාගෙ “එකතුව” ඉතා විරල ගණයේ එකට එක යා වෙන අදහස්, නිර්මාණ සහ අවබෝධතා එකතුවක් වුණා. “ආයුබෝවන් කැන්ටබරි” සාර්ථකත්වයට බලපෑ මුලික කරුණක් වන්නේ හිමාශාගෙත් රන්මලීගේත් උත්සාහයත් කැපවීමත් ය.

ප්ලේන්ස් එෆ්. එම්. පසුව ප්ලේන් මීඩියා විය. ඔවුන්ගේ මැදිහත් වීම ගැන නොකියාම බැරිය. ගෙවුණු තෙවසරකට කිට්ටු කාලය පුරාවට වැඩසටහන් පටිගත කිරීම, පටිගත කළ වැඩසටහන් සංස්කරණය කිරීම, සමාජ මාධ්‍ය සඳහා නිර්මාණ කිරීම වැනි කාර්යන්වල දි නිකී ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් නිරතුරුවම ලැබුණා. මේ කණ්ඩායම සමග සිංහල අළුත් අවුරුදු, නත්තල් අසිරි ආදී මෙකී නොකී සැමරුම් එකට එකතුව සමරන්න හිමාෂා සහ රන්මලී අමතක කළේ නෑ.

ආයුබෝවන් කැන්ටබරි වැඩසටහන් එකක් අනෙකින් වෙනස් වූයේ ඉතා අර පරෙස්සමින් තෝරා බේරාගත් විවිධ මාතෘකා නිසාවෙනි. ලාංකිකයන් සතු සංස්කෘතික සාමාජීය, ආගමික දේශපාලනික අරටු අක්මුල් ඔස්සෙ ගොස් නවසීලන්තයේ වෙසෙන සුවිශේෂී වූ ලාංකිකයන් “ආයුබෝවන් කැන්ටබරි” තුළින් සිය හඩවල් අවදි කරන්නට හිමාශාත් රන්මලිත් ගත් උත්සාහයන් බෙහෙවින් සාර්ථක විය.

ඒවා අතර නවසීලන්තයේ ශ්‍රි ලංකා තානාපතිගේ දකුණු දිවයින සංචාරයේදි ඔහුගේ කාර්ය බහුල වැඩ සටහනෙන් හෝරාවක් සොරා ගත් අතර, තානාපතිතුමා  සහභාගි වු බොහෝ ප්‍රජා මූලික වැඩහටහන්වල දී “ආයුබෝවන් කැන්ටබරී” හි ඔහු සදහන් කළ බොහෝ දේ උපුටා ගත්තා. එය ආයුබෝවන් කැන්ටබරී කෙතරම් ප්‍රයෝගික සහ කාලෝචිතව වැඩ සටහන් මෙහෙයවා ඇද්ද යන්නට ප්‍රබල සාක්ෂියකි. හිමාශාත් රන්මලීත් කැන්ටබරී හි පැවති වැඩහන් සොයා ගියේ ඒ සංවිධායකින්ගේ හඩ අවදි කොට ලාංකිකත්වය ඔසවා තබා තවත් ඔවුන් කර කියන දෑ ඊළග ඉසව්වට ඔසවා තැබීමටය.

ආයුබෝවන් කැන්ටබරි හි තවත් සුවිශේෂී අංගයක් වූයේ ලාංකීය කාන්තාවට දුන් අපූරු අවස්ථාවන්‍ ය. දේශපාලනය, මනෝ විද්‍යාව,  සෞඛ්‍ය ක්ෂේත්‍ර,  අධ්‍යාපනය, ස්වේච්ඡා සේවා ආදී  ක්ෂේත්‍ර රැසක නායකත්වය දරණ කාන්තාවන් රැසක් ආයුබෝවන් කැන්ටබරි සමග එකතු වී තම අත්දැකීම් සහ දැනුම බෙදා දෙනු ලබයි.

මේ විවිධ වැඩ සටහන් හරහා ලාංකිකයන් ගේ සෞඛ්‍ය සහ සුවතාව, එදිනෙදා ජීවිතයට ඉවහල් වෙන බොහෝ ගැටළු සාකච්ඡා කෙරිණි. ඒ සියල්ල කැන්‍ටබරී ලාංකික ප්‍රජාවේ මනස පමණක් නොව වැඩසටහනට සවන් දෙන අනෙකුත් සියල්ලන්ගේ මනස ධනාත්මකව ප්‍රශ්න කරවන්නට, සිය ආකල්පයන් ඉලක්ක කරා මෙහෙයවන්නට මේ වැඩ සටහන් මාලාව ඉවහල් වු බව නොඅනුමානය.

“ආයුබෝවන් කැන්ටබරි” වැඩ සටහනේ හෙට දවස ගැන නොකියාම බැරිය. හිමාශාත් රන්මලීත් ලහි ලහියේ දැන් සැරසෙන්නේ මේ වැඩ සටහන තවත් ඉසව්වකට ඔසවා තබන්නටය. ඒ වෙනුවෙන් තවත් අලුත් බොහෝ දේ පෙළ ගැසී ඇති බව සනිටුහන් කරමින් අපි “ආයුබෝවන් කැන්ටබරි” වැඩසටහනටත් ඒ වෙනුවෙන් තම දැනුම, අවබෝධය, කාලය,  යොදවා ලාංකික අභිවෘද්ධිය ට අප්‍රමාණ දායක්ත්වයක් ලබාදෙන, අපේ හද බැදගත් ආකර්ෂණීය මේ  යෞවනියන් දෙදෙනාටත් ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට සුබ පතමු..!!

Nilmini Thilakaratne

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.