- විප්රලම්භනයක්
- ත්‍යාගයක්
- ආශීර්වාදයක්
ඕයි! මුත්තුකරුප්පන්
මොකද බං උඹ නයා මැරිච්ච
අහිගුන්ඨිකයා වගෙ
ඇන තියාන, බේකන් නිලා.
‘මගෙ ගේනි ගියා බං
සෙල්ලත් එක්ක;
ගැහැව්ව, බෙන්න,
කෑගැව්ව තමයි
ඒත්, ඒ මගෙ ගේනි බං.
වයින් ස්ප්‍රීතු බෝතලේ, පොල්
කට්ටට හලාගත්
මුත්තු කරුප්පන්
දෙහි බෑයක් මිරිකා
හෙමිහිට,
තොල ගාමින්,
දෙහි ලෙල්ල
දිවේ උලාගත්
මුත්තුකරුප්පන්,
‘සෙල්ල ඔන්ද එකා බං,
ලෙච්චමී ඔන්දට
බලාගනියි’
සෙල්ලට,
‘නයි පෙට්ටිය කුටි, නලාවකුයි
ගෙහින් දෙන්න ඕනි.
ඌ ඔන්ද එකා බං
‘ලෙච්චමී නංගියේ,
මං තරහා නෑ
උම්ඹ මට ඉමි නෑ
නංගියේ’
ජී. එස්.පෙරේරා – ඕක්ලන්ඩ්






