fbpx
13.5 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගේබ්‍රියල් සුළි කුණාටුව සමග නවසීලන්තයේ ජාතික හදිසි තත්ත්වයක් 

Must read

ගේබ්‍රියල් සුළි කුණාටුව සමග නවසීලන්තයේ ජාතික හදිසි තත්ත්වයක්

නවසීලන්තයට ගේබ්‍රියල් සුළි කුණාටුව ඇතුළු වීමත් සමග රට පුරා ජාතික  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.  නවසීලන්තයේ උතුරු දිවයිනේ   Auckland, Northland, Coromandel, Bay of plenty, Gisborne, Opotiki, Waikato, Hauraki, Whakatane සහ Hawke’s Bay ප්‍රදේශ ඉන් විශේෂ වේ.

අද දිනයේ දී ඕක්ලන්ඩ් නගරයට සුළඟින් දැඩි හානි සිදු විය හැකි බවට අනාවැකි පළකර ඇත. මේ විටත් උතුරු ප්‍රදේශයේ නිවාස දහස් ගණනක විදුලිය විසන්ධි වී ඇත. එමෙන්ම හානිදායක ප්‍රදේශවලින් මහජනතාව ඉවත් කිරීම් ද  සිදු කරමින් පවතී.

පෙර නොවූ විරූ ස්වාභාවික ව්‍යසනයක් ලෙස නිලධාරීන් මෙම තත්ත්වය විස්තර කර ඇත.ගං වතුර, නායයෑම්, නිවාස සහ දේපළ විනාශ කරමින් හමා යන ගේබ්‍රියල් සුළි කුණාටුව රට පුරා අඛණ්ඩවම පහර  දෙන බැවින් නවසීලන්ත රජය “ජාතික හදිසි තත්ත්වයක්” ප්‍රකාශ කර ඇත. නවසීලන්ත ඉතිහාසයේ “ජාතික හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත් කළ තුන්වන අවස්ථාව මෙයයි.

සුළි කුණාටුව Tararua කඳු ප්‍රදේශයට සහ වෙලින්ටන් දෙසට ගමන් කරමින් පවතින අතර Tararua ප්‍රදේශයට මිලිමීටර් 120 – 180ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

දිමුතු විජේසූරිය

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.