fbpx
11.4 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වසරක් ගත වුණි… | හේසදී පෙරේරා | වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මීට වසරකට පෙර හදිසියේ වියෝ වූ අප්සරා කල්පනි විමලසිරි පිළිබඳව ඇගේ මිතුරු මිතුරියන් තැබූ සටහනකි,

අපි ඇයගේ මතකයන් තුළින් තවමත් මිදීමට නොහැකිය. තව තවත් ඇය නොමැති බව නැවත නැවත හිතට තේරුම් කිරීම ද ඉතා වෙහෙසකරය. ඇය නොමැති බවක්  පිළිගැනීමට තරම් හිත කෙතරම් අසරණ වී ඇත්ද?

පසුගිය වසර පුරාවට අපගේ ආදරණීය මිතුරිය නැති අඩුව, ඇගේ මතකයන් නිරන්තරයෙන් සිහිගැන් වුණි. ඇගේ නොසිටීම අප සැමට කෙතරම් බලපෑවා ද යන්න වචනවලින් විස්තර කිරීම අපහසුය. කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් දැන් අපේ ජීවිතවල ඇත. ඇය නොමැතිව ජීවිතය සැරිසැරීමට අපට ඉගෙන ගැනීමට සිදු වී ඇති අතර එය දෛනික අරගලයකි. ඇය තවදුරටත් අප අතර නැතත්, ඇය හා ගෙවුණු සුන්දර මතකයන් මෙන්ම ඇය අපට ඉගැන් වූ පාඩම් අපි  ජීවත්ව සිටිනා තුරුම අපිත් සමගම හිදීවි.

අප්සරා, ඇය දන්නා සෑම කෙනෙකුගේම ජීවිත ස්පර්ශ කළ අපූරු මිතුරියක්, සහෝදරියක් සහ ගුරුවරියක් වූවා ය. මට අප්සරා මුලින්ම මුණගැසුණේ වෙලිංටන් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ  දී (VUW). අප මිතුරන් වූ මොහොතේ සිට, ඇය විශේෂ කෙනෙක් බව මම දැන සිටියෙමි. ඇය කරුණාවන්ත, දයානුකම්පිත වූ අතර, සවන් දීමට හෝ උපකාර කිරීමට සැමවිටම කැමැත්තෙන් සිටියාය. වසර ගණනාවක් පුරා අප්සරා මට සහෝදරියක් මෙන් වූ අතර ඇගේ බුද්ධිය, නිර්මාණශීලිත්වය සහ ශක්තිය ගැන මම නිරන්තරයෙන් සතුටට පත් වීමි.  ඇය ඇදහිය නොහැකි ගුරුවරියක් වූ අතර ඇගේ සිසුන් විවේචනාත්මකව සිතීමට සහ ඔවුන්ගේ සිහින හඹා යාමට පෙළඹ වූවාය. අප්සරා මගේ ජීවිතයට සහ තවත් බොහෝ අයගේ ජීවිත එළි කර ඇති බව සැවොම දන්නා කරුණකි.

ශෝකය යනු දිගු හා වංගු සහිත මාර්ගයක් වන අතර අප සැමට මේ දරුණු සිත් වේදනාවන් සමග ගෙවීමට සිදු විය. වේදනාව තවමත් පවතින නමුත්, අපි අපගේ මිතුරියගේ මතකයට ගරු කිරීමට සහ ඇගේ ආත්මය ජීවත් කරවීමට ක්‍රම සොයමින් සිටිමු.

අප්සරා සිසුන්ට ඉගැන්වීමට සහ උපකාර කිරීමට ප්‍රිය කළ ශ්‍රි ලංකාවේ කැපවූ කථිකාචාර්යවරියකි. ඇය තම සිසුන්ට උපකාර කිරීම සඳහා ඉහළින් සහ ඉන් ඔබ්බට ගිය අතර ඇගේ බලපෑම පන්ති කාමරයෙන් ඔබ්බට දැනුණි. අප්සරා ආශාවෙන් සිටි එක් දෙයක් වූයේ තම සිසුන්ට සාර්ථක වීමට උපකාර කිරීමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මූලික පාසල් සැපයුම් සඳහා ප්‍රවේශය තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධාවක් විය හැකි බව ඇය දැන සිටියාය. ඇයගේ මතකය වෙනුවෙන් අපි ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සඳහා පාසල් උපකරණ සඳහා මුදල් එකතු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළෙමු.

අපගේ අරමුදල් රැස් කිරීමේ ප්‍රයත්නයන් හරහා අපට නවසීලන්ත ඩොලර් 3,150 රැස් කිරීමට හැකි වූ අතර එය සිසුන් පනහකට   අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීමට  හැකි විය. අප්සරා තවදුරටත් අප සමඟ නොසිටියත්  ඉගැන්වීමට, අන් අයට උපකාර කිරීමට සහ මෙම අරමුදල් රැස් කිරීමෙන් ඇයගේ ආදරය  ජීවත් වන බව අප සැමගේම සිත් තුළ තිබූ විශ්වාස යයි. ඇයගේ උරුමය ඉදිරියට ගෙන යාමට සහ ඔවුන්ගේ ප්‍රජාවන් තුළ වෙනසක් ඇති කිරීමට එය අන් අයව පොළඹවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය අප්සරා කළ මෙහෙයට ගෞරව කිරීමට කුඩා ක්‍රමයක්, නමුත් එය ඇය ආඩම්බර විය හැකි දෙයක් බව අපි දනිමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ මගේ හිතවත් මිත්‍ර අමිල ඉෂාන් ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි. සැතපුම් ගණන් දුරින් සිටියත් වැඩිපුරම උපකාර අවශ්‍ය පාසල සෙවීමේ සිට ගබඩාවලින් මිල ගණන් ලබා ගැනීම සහ භාණ්ඩ අසුරා ගැනීම දක්වා සියල්ල සම්බන්ධීකරණය කිරීමට අමිල සමත් විය. ඔහු ව්‍යාපෘතියේ සෑම අංශයක්ම භාරගත් අතර සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස සිදු කරන බව සහතික කළේය.

අප්සරාගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ කැපවීම පෙන්නුම් කළේ ඇයගේ උසස් අධ්‍යාපනය සඳහා වික්ටෝරියා විශ්වවිද්‍යාලයට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබීමෙන්. ඇයට එයින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වුවද ඇයගේ උපදේශකයා වූ වෛද්‍ය කොරින් සීල්ස් (කොරින්) ශ්‍රි ලාංකික සිසුන් සඳහා අප්සරාගේ නමින් ශිෂ්‍යත්වයක් ස්ථාපිත කිරීමට  කටයුතු කරමින් සිටි. අපගේ ආදරණීය මිතුරිය සිහිපත් කිරීමට සහ ඇගේ ශිෂ්‍යයාට ගෞරව කිරීම සඳහා ඇය කළ සහ  කරන සෑම දෙයකටම අපි සදාකාලිකවම කෘතඥ වෙමු.

ශ්‍රි ලංකා කොළඹ විශ්වවිද්‍යාලය (UOC) අප්සරාගේ හදවතේ විශේෂ ස්ථානයක් හිමි කර ගත් අතර ඇයට ජීවිතේ බොහෝ දේ ලබා දුන් විශ්වවිද්‍යාලයට ඇය ගැන යහපත් මතකයක් ඉතුරු කිරීමට අපට අවශ්‍ය විය.  ඔවුන්ගේ ඉදිරි ව්‍යාපෘතිවලින් එකකට සහය දක්වන්නේ කෙසේදැයි සොයා බැලීමට මෑතකදී අප UOC  සමග සාකච්ඡා කරන ලදී. එහිදී විද්‍යාපීඨ ලියෝ සමාජයෙහි ක්‍රිඩා අධ්‍යක්ෂක ලෙස  සේවය කරන කවිෂ්ක පලිහේනගේ (මගේ පහ ශ්‍රේණියේ සිටම මිතුරෙක්)  මගපෙන්වීම නිසා ඔවුන්  අවශ්‍යතා ඇති පාසලක් සඳහා දුර පැනීමේ වළක් සකස් කිරීමට මුදල් එකතු කරමින් සිටි අතර එම ව්‍යාපෘතියේ වියදම්වලින් කොටසක් පියවා ගැනීම සඳහා  අපට ද දායක වීමට හැකි විය.

අප්සරාගේ හොඳම   මිතුරා ජෝන් (Joao Guilherme) ය. අප්සරා වෙනුවෙන් ජෝන් කළ කැපවීම ඔහුගේ නිබන්ධනය තුළින් පැහැදිලි විය. මෙම දුෂ්කර කාලය තුළ ජෝන්ගේ නොසැලෙන සහයෝගයට සහ මිත්‍රත්වයට අපි කෘතඥ වෙමු.

අප්සරාගේ සොහොයුරිය වන රංගනා සහ මව වන තුෂාරිට ද අපගේ  සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන අතර මෙම දුෂ්කර කාලය තුළ ඔවුන්ට කිසිදා තනි කරන්නේ  නැති බව සහතික කරමු.

අපගේ අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයන් සඳහා දායක වූ සියලුම පරිත්‍යාගශීලීන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනැමීමට අපි කැමැත්තෙමු. ඔබගේ ත්‍යාගශීලීභාවය සහ සහයෝගය අවශ්‍යතා ඇති අයගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් ඇති කිරීමට  හැකි වී තිබේ. අප්සරාගේ මතකයට ගරු කිරීම සහ අපගේ ප්‍රජාවට ධනාත්මක වෙනසක් ගෙන ඒමට අපට උපකාර කිරීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු.

අවසාන වශයෙන් මෙම ව්‍යාපෘති සඳහා වෙහෙස නොබලා පරාර්ථකාමීව වැඩ කළ අප්සරාගේ මතක ආවර්ජනයන් ඉදිරියට ගෙන යාමට උදව් කළ විස්මිත කණ්ඩායමට මම කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. ඔබගේ මහන්සියට සහ කැපවීමට ඔබ සැමට ස්තුතියි. සියල්ල කාලය සමග ගෙවී ගියත්
අපගේ මිතුරිය සැමවිටම අපගේ හදවත් තුළ විශේෂ ස්ථානයක නිදන්ව අප සමගම සිටිනු ඇත. ඇගේ නැවත පැමිණීමක්  කිසිදාක නොමැති වූවත් අපගේ ජීවිතයට ඇගේ මතකයන් තුළින් කළ හැකි බලපෑම කිසිදා මැකී නොයනු ඇත.

ජීවිතය යනු යාම් ඒම් පමනක්ම බවත් ඒ මැද මාවතේ සියල්ල මතකයන් මෙන් ශේෂ වන අතර ඒ සියල්ල ද දිනක හදවත්වල නිදන්ව සමුගන්නා බවත් ජීවිතය සියල්ලට වඩා අවිනිශ්චිත බවත් යහපත් හදවත මතකයක් කිසිදා අමතක කළ නොහැකි බවත් අපට පසක් කර දී ඇය, ඇගේ කතාව අප හදවත්වල නිදන් කර රහසේම නික්මුණි.

By Hesadhi Perera – Wellington
Sinhala Translation – Malsha Prabhodani

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.