‘අපට සිතන්නට යමක් ඉතුරු කරලා තියනවා,’ හේන්ඩර්සන්හි සිට ආ මහේෂ් හෙට්ටි ආරච්චි මහතා පැවසීය. ‘සිංහබාහුයි සිංහසීවලියි එක කුස උපන් අයියා නගෝ නෙවි. අප්පේ ඇති.’
‘එච්චරක් නෙවෙයි. සෝමරත්න දිසානායක මහත්තය අපිව තවත් ලොකු අපවාදයකින් බේරගෙන තියනවා. සිංහලයා කියන්නේ සතෙකුගෙන් පැවතෙන ජාතියක් හරි හිතා මතාම තාත්තා මැරුව පුතෙකුගෙන් එන ජාතියකුත් නෙවෙයි,’ පපකූරා ක්ලාක්බීච් සිට ආ, ශ්‍රී ලංකන්ස්වලට නිතරම ලියන ජී.එස්. පෙරේරා මහතා පැවසීය.
‘මේවගේ නිෂ්පාදන කෙරෙන්න ඕනැ. අලුත් පරම්පරාව අභව්‍ය දේවල් පිළිගන්නේ නෑ. අපේ වංශකතාව ඒවයෙන් පිරුණම ඒ අය සම්පූර්ණ ඉතිහාසයම අහක දානවා.’ තවත් කාන්තාවක් පවසා සිටියාය.
‘ඒකනේ. කොච්චර ලස්සන ඉතිහාසයක් ද අපට තියෙන්නේ,’ අසල සිටි ඇයගේ මිතුරියක් වියහැකි කාන්තාවකට පැවසුවාය.
සෑම කෙනෙක්ම කුතුහලය දැනවෙන පරිදි කතාව ගෙන යාම, සිදුවීම්වල එකිනෙක ගැලපිම, නළු නිලියන්ගේ රගපෑම් ගැන අගය කරමින් කතා කළහ. සිංහල සිනමාව පවතින අසීරු කාලයේ මෙවැනි කාර්යයකට අතගැසීම ගැන දිසානායක මහතාට ස්තුතිවන්ත විය යුතු බව ඔවුන්ගේ අදහස වීය. වසර දෙදහස් පන්සීයකටත් එපිට ඉන්දියාවේ සිදුවූවක් ගැන උපකල්පනය කරමින් අද ප්රේක්ෂකයනට ගැලපෙන චිත්‍රපටයක් නිපදවීම ඉතා දුෂ්කර කාර්යයක් බව විශ්‍රාමික ගුරුතුමෙකු වූ පැන්මුවා වෙසෙන වින්සන්ට් අමරසේකර මහතා පැවසීය. ‘ඒකනේ භාෂාව කෘතිම වෙලා තියෙන්නේ. ඔහු තවත් පැත්තක් මතු කළේය. ‘ ඉන්දියාවේ කතාවට අපේ ව්‍යාකරණ.’
‘හැබැයි දිය නනා හිටිය සුප්පාදේවිය පැහැර ගන්න මංකොල්ලකාරයෙක් ආව ගමන් පැනලා යන ආරක්ෂකයොයි පරිවාර කාන්තාවොයි නම් තියන්න වටින්නෙ නෑ,’ ජී. ඒස්. පෙරේරා මහතා අතුරු අදහසක් ඉදිරිපත් කළේ ය. ‘තියෙන්න එපායැ, ප්රේක්ෂකයො පුටු ගැට්ටෙන් බිමට වැටෙන තාලයෙ එකෙක් දෙන්නෙක් බාව ගන්න මාර සිරා ෆයිට් එකක්.’
‘මක් වුණත් කමක් නෑ, මෙහෙම දෙයක් ගෙන්නලා දුන්නට ශ්‍රී ලංකන්ස් පත්තරේට පිං,’ එතැන ලබා ගන්නට තිබූ පත්‍රයක් අතට ගත් වින්සන්ට් අමරසේකර මහතා සාප්පු සංකීර්ණය පැත්තට ගමන් කළේය.
මේ සංවාදය පැවතුණේ ඕක්ලන්ඩ්වලය. සිල්වියා පාක්වල ඔක්තෝබර් 15 දින දී සිංහබාහු චිත්‍රපටය නැරඹීමෙන් පසුවය.
***
කදිර දිව්‍යරාජ…
ආදායම් වාර්තා බිඳ දැමූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය හදවතින් දුටු කඳ සුරිඳු දෑසින්ම දැකගන්න
නොවැම්බර් 19, සවස 1ට Hollywood Avondale සිනමා ශාලාවේ දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම.
(මෙයින් ලැබෙන ප්රතිලාභ පිළිකා රෝග, හෘදරෝග හා ළමා රෝග වෛද්‍ය කටයුතු වෙනුවෙන් රොෂාන් මහානාම අරමුදලට පරිත්‍යාග කරනු ඇත.)