fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

රෝග රැසකට හේතුවන ෆැටී ලිවර් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් පරදමු | වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නිලක්ෂි ලෙනෝරා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයයේ ආයුර්වේද උපාධිය ලබා ඇත. පංචකර්ම ප්‍රතිකාර ගැන විශේෂ කුසලතාවයක් ප්‍රගුණ කර ඇත. කීර්තිමත් ආයුර්වේද හා බටහිර වෛද්‍යවරයෙකු වූ අර්.බී.ලෙනෝරා මහතාගේ මිණීබිරියකි. ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති ඇය දැනට මවුන්ට් වෙලිංටන් ‘ලංකා ආයුර්වේද’ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දෙයි.

අද  මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  මේ වෙනකොට ලෝක ජනගහනයෙන්  වැඩි පිරිසකගේ ශරීරයේ සැඟවී   තිබෙන මාරාන්තික රෝග තත්ත්වයක් පිළිබඳවයි. මේ වෙනකොටත් ඔබ ෆැටී ලිවර් කියන රෝගී තත්ත්වය ගැන බොහෝ දෙනෙකුගෙන් අසා  ඇති.සමහරක් විට මේ වෙනකොටත් ඔබ මේ රෝගී තත්ත්වයෙන් වද විඳිනවා ඇති. තවත් බොහෝ දෙනෙක් මේ කියන රෝගී තත්ත්වය තමන්ගේ ශරීරයේ පවතින බව නොදන්නවා විය හැක. ඉතින් මේ නිසාම මම හිතුවා අද දවසේ ෆැටී ලිවර් පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කතා කරන්න.

මේ රෝගී තත්ත්වය පිළිබඳව කතා කරන්නට කලින් අපි දැනගමු Liver එහෙමත් නැත්නම් අක්මාව ආයුර්වේදයට අනුව නම් යක්කෘතය කියන අපේ ශරීරයේ තියෙන ඉතා වැදගත් අවයවය පිළිබඳව.

අක්මාව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලතම අභ්‍යන්තර අවයවයයි. ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවන් රැසකට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ අක්මාව.

අක්මාව මගින් ශරීරය තුළන් සිදු කරන කෘත්‍යයන් :

-අප ලබා ගන්නා ආහාර  හොඳින් ජීර්ණය කොට ශරීරයට අවශ්‍ය කොටස් නිසි ලෙස අවශෝෂණය කරවීම.
(Enhances food digestion & absorption)
– ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීම. (Produces energy for the body)
– රුධිරය පිරිසිදු කරයි (Purifies the blood )
– ශරීරය තුළින් විෂ නාසනය ක්‍රියාත්මක කිරීම (Detoxification)
– මේදමය ආහාර විශේෂ ජීර්ණය (Bile production & fat digestion )
– රුධිර කැටිගැසීමේ යාන්ත්‍රණය  ක්‍රියාත්මක කිරීම (Blood clotting)
– ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය (Control metabolism )
– ශරීරයට අවශ්‍යයෙන්ම විටමින් A,D,K,E සහ ග්ලයිකන් ශක්ති ජනකය ගබඩාකර තබා ගැනීම ( storage of Vitamin A,D,K,E & Glycogen)
– ප්‍රෝටීන වර්ග සංස්කරණය(Protein synthesis)
– ශරීර ප්‍රතිශක්තීකරණය (Immune Function)- ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම ( Maintain Body temperature )
– ශරීරයට අවශ්‍ය එන්සයිම රාශියක් නිපදවීම  සහ මුදා හැරීම (Produces Enzymes and Releases)
– රුධිරගත ග්ලුකෝස්  මට්ටම පාලනය කිරීම (Controls blood Glucose level )

ඉහත කරුණුත් සමඟ දැන් ඔබට තේරෙනවා ඇති වෙනවා අක්මාවත් නැත්නම් ලිවර් කියන අවයවය අපේ ශරීරයට කෙතරම් වැදගත් කෘත්‍යයන් රැසක් ඉටු කරනවාද යන්න. ඉතින් මෙතරම් කාර්යයන් රැසක් ඉටු කරන අක්මාව රෝගී වුණොත් අපේ සම්පූර්ණ ශරීර ක්‍රියාපත්තියම අඩාල වනු ඇත.

දැන් අපි කතා කරමු ෆැටී ලිවර්  ගැන. මොකක්ද මේ හැමෝම කතා කරන ෆැටී ලිවර්?

ෆැටී ලිවර් එහෙමත් නැත්නම් අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීම. මෙය ආකාර දෙකක් යටතේ කතා කරන්න පුළුවන්.
1) Alcohol-Related Liver Disease(ALD)
2) Metabolic Dysfunction-Associated Steatotic Liver Disease(MASLD)

තවදුරටත් මෙය සරලව කිව්වොත්  මධ්‍යසාර හේතුකොට ගෙන ඇතිවන අක්මා රෝගය  සහ මධ්‍යසාර නොවන හේතු නිසා ඇතිවන අක්මා රෝගය.
මෙම රෝගී තත්ත්ව දෙකෙන් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Non Alcoholic Fatty Liver disease හෙවත් අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීමේ රෝගය ගැනයි.

අපි මේ පිළිබඳව ඉතා ම සරලව කතා කරමු.

අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ පැවැත්මට අපේ ජීවය පවත්වා ගැනීමට ශරීරය ඇතුලේ යම් පරිවෘත්තීය ක්‍රියාවන් රාශියක් සිදුවන බව. එනම් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාගන්න අපි ආහාර වර්ග, පාන වර්ග, ඖෂධ වර්ග ලබා ගන්නවා. මේ විදිහට අපි ආහාරයට ගන්නා ආහාර වර්ග යම්කිසි ජීර්ණ ක්‍රියාවලියකට ලක්වෙලා ශරීරයට අවශ්‍ය ශක්තිය සහ පෝෂක කොටස් හොඳින් අවශෝෂණය කර ඉතිරි වන අපද්‍රව්‍ය නිසියාකාරව ශරීරයෙන්  බැහැර කිරීමක් සිදු කරනවා කියලා.

මේ ක්‍රියාවලියේදී දායක වන පාලකයා තමයි අක්මාව කියන්නෙ. අපි ලබා ගන්නා ආහාර,  ඖෂධ, පාන වර්ගවල ශරීරයට හිතකර කොටස් ශරීරයට අවශෝෂණය කර ගැනීමත් අහිතකර කොටස් ශරීරයෙන්ම පිට කිරීමටත් අවශ්‍ය කරන පෙරීමේ යාන්ත්‍රණය සිදුකරන්නේ අක්මාව මගින්. එහෙම නම් අපි වැඩි වැඩියෙන් අහිතකරන ආහාරපාන වර්ග අනවශ්‍ය ඖෂධ වර්ග ශරීරයට ලබා දුන්නොත් අක්මාවෙන් සිදු කළ යුතු කාර්යය තව තවත් දෙගුණ තෙගුණ කරන්න අක්මාවට සිද්ධ වෙනවා.

මේ  විදියට දරාගන්න බැරි තරම් අක්මාව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් අක්මාවෙන් සිදු කරනු ලබන ක්‍රියාවන් අඩාල වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට දැන් තේරෙනව ඇති අක්මාව මේ විදියට අඩාල වුණොත් ශරීරයේ විෂහරණය කරන යාන්ත්‍රණය නිසියාකාරව සිද්ධ කිරීමට නොහැකිවෙනවා. ශරීරයේ මේදය ජීර්ණය කිරීමේ ක්‍රියාවලියත් අඩාල වෙනවා. එතකොට මේදය නිසියාකාරව ජීර්ණය නොවී ටිකෙන් ටික අක්මාව තුළ තැන්පත් වීමට පටන් ගන්නවා.

අක්මාව ක්‍රියා විරහිත වීම නිසා අක්මාව මගින් පාලනය කරන හා අක්මාව මගින් යාන්ත්‍රණය කරන සියලූම ක්‍රියාවලියන් ඇනහිටීමකට ලක්වෙනවා. එතකොට මෙන්න මේ කියන අක්මාවේ ක්‍රියා විරහිත බව බොහෝ රෝග රාශියකට මුලපුරනවා. ක්‍රියාවලිය වගේම අක්මාවේ ස්වරූපයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. සරලවම කිව්වොත් අක්මාව ටිකෙන් ටික මිය යාමට පටන් ගන්නවා.

තැන්පත් වී ඇති මේද ප්‍රමාණය අනුව ෆැටී ලිවර් රෝග ශ්‍රේණි ගත කොට ඇත එනම්;

GRADE 01 (MILD)
ඉතා සුළු ප්‍රමාණයක් අක්මාවේ මේදය තැන්පත් වී ඇති අවස්ථාව. ආරම්භක අවස්ථාවයි. මෙහිදී අක්මාව ආශ්‍රිතව ආසාත්මිකතාවයක් නොමැත. අක්මාවේ ව්‍යුහයේ වෙනසක්ද නොමැත.

GRADE 02 (MODERATE)
මධ්‍යම ප්‍රමාණයෙන් අක්මාවේ  මේදය තැන්පත් වී ඇති අවස්ථාවයි. මෙම අවස්ථාවේ දී අක්මාව තුළ ආසාත්මිකතාවයක් ඇතිවීම පටන්ගෙන ඇත. බොහෝ වෙලාවට අක්මාවේ ව්‍යුහයේ වෙනසක් නොපෙන්වයි.

GRADE 03 (SEVERE)
අධික ප්‍රමාණයෙන් අක්මාවේ මේදය තැන්පත් වී ඇති අවස්ථාවයි. සැලකිය යුතු ප්‍රමාණයෙන් අක්මාව තුළ ආසාත්මිකතාවයක් ක්‍රියාත්මක වෙනවා ඇත. අක්මාවේ ව්‍යුහය ද වෙනස්කම් ආරම්භ වී ඇත. එනම් අක්මාව අකර්මණ්‍යතාවයට පත්වීම ආරම්භ වී ඇත.

දැන් පැහැදිලියි අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය හුදෙක් ආරම්භ වනුයේ අපේම වැරදි ආහාර විහරණ නිසා බව.

එහෙමනම් දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපි කොහොමද අනාගතයේදී හරි ඉහත සඳහන් කළ අක්මාවේ මේදය තැන්පත් වීම එහෙමත් නැත්නම් NON ALCOHOLIC FATTY LIVER කියන රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නෙ හා ඒ වගේම දැනටත් මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් කොහොමද මේ රෝගයෙන් මිදෙන්න කියන කරුණු පිළිබඳව.

මෙහිදී මම ප්‍රධානවම කරුණු හතක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු හත මාස තුනක් පුරාවට එක දිගට දිනපතා පුරුදු කළහොත් ඔබටත් ෆැටී ලිවර් කියන රෝගී තත්ත්වය ඇතිවීමෙන් වැළකීමටත් සුව වීමටත් හැකි වනු නොඅනුමානයි.

01) පහත සඳහන් ආහාර වර්ග හතර සම්පූර්ණයෙන්ම ආහාරයට ගැනීම නැවැත්වීම.
– Sugar (සීනි සහ සීනි අන්තර්ගත පැණි රස කෑම වර්ග)
– Simple Carbohydrates (සුදු බත් සුදු පිටිවලින් සාදන ලද පාන් වර්ග සහ අනෙකුත් බනිස් වර්ග රොටි වර්ග)
– Processed Foods & Deep fried Foods (කල්තබා ගැනීම පිණිස සාදන ලදීම ආහාර සහ ගැඹුරු තෙලේ බඳින ලද ආහාර)
– Alcohol (මධ්‍යසාර)

02) පහත සඳහන් ආහාර වර්ග හය ඔබේ දිනපතා ආහාරයට එකතු කර ගැනීම.
– Pink salmon (omega 3 අන්තර්ගත මාලු වර්ග)
– Chick pea (කඩල වර්ග)
– Cruciferous vegetables (කොළපැහැති එළවළු; බ්‍රොකොලි, ගෝවා ,බෝංචි, ගෝවා මල් )
– leafy greens (spinach, kale, ගොටුකොළ මුකුණුවැන්න රණවරා වැනි පලා වර්ග)
– Nuts (Almond, Walnuts, Flax seed වැනි ඇට වර්ග)
– Tofu වැනි සෝයා  ආහාර

03) 12 hours intermittent Fasting (දිනකට පැය දොළහක් නිරහාරව සිටීම හා ඉතිරි පැය දොළහ අතරතුරේ දී අවශ්‍ය කරන ආහාර ලබා ගැනීම)

04) Breathing exercise (යෝගාවල සඳහන් ප්‍රාණායම අභ්‍යාසවල නිරතවීම)

05) One hour walking in morning and one hour in evening per day (දිනකට උදෑසන පැයක් සහ සවස පැයක් හිමින් ඇවිදිම)

06)දිනපතා උදෑසන පහත සඳහන් පරිදි සකසාගත් වතුර පානය කිරීම :

Turmeric (අමු කහ ) pinch 01
Ginger (අමු ඉඟුරු)
Lime one slice (දෙහි ලෙල්ලත් සමග එක පෙත්තක්)
ඉහත ද්‍රව්‍යයන් එක කෝප්පයකට දමා එයට උතුරා ගත් වතුරේම උෂ්ණත්වයෙන්ම දැමීම විනාඩි පහළොවක් පමණ මද උණුසුම්
ප්‍රමාණයට උෂ්ණත්වය පැමිණෙන තුරු පැහෙන්නට හැරීම පසුව පෙරා දිනපතා උදෑසන හිස්බඩ මෙම වතුර පානය කරන්න .

07) ඒකීය ඖෂධ ලෙස හීන් බෝවිටියා කැඳ, යකිනාරන් කැඳ ,කරපිංචා කැඳ,රසකිඳ  භාවිතා කිරීම.

ඉහත අපි කතා කරපු යහපත් ආහාර සහ  විහරණ දිනපතා ඔබ පුරුදු වුවහොත් අනාගතයේ දී ෆැටී ලිවර් යන රෝගී තත්ත්වය සෑදීමෙන් වැළකීමට ඔබට හැකි වගේම දැනටත් ඔබ ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙලෙනවා නම් ඔබටත් නැවත ඔබේ අක්මාව යථා තත්ත්වයට පත් කර ගත හැකියි. නමුත් ඔබ දැනටමත් මම කලින් සඳහන් කළ ෆැටී ලිවර් Grade 3 අවස්ථාව   පසුකර ඇති රෝගියෙකු නම් මෙම පුරුදුවලට අමතරව අනිවාර්යයෙන්ම ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් හමුවීමට ගොස් ඒ සඳහා ඇති ඖෂධ පානය පටන්ගත යුතු බව අවධාරණයෙන් මතක් කරමු.

මේ වනවිට මුළු ලෝකය පුරාම බොහෝ දෙනකුට මුහුණපාන රෝගී තත්ත්වයක් ලෙස රෝගී තත්ත්වය සඳහන් කළ හැකිය. ඒ වගේම තමයි grade 3 වෙනකන්ම කිසිදු රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකරන සම්භාවිතාව වැඩිය. මේ නොදැනුවත් කම නිසාම සැඟවුණු මාරාන්තික මරණයක් විදිහට ෆැටී ලිවර් කියන රෝගී තත්ත්වය හඳුන්වා දිය හැකියි. තවද  වර්තමානයේ බොහෝ දෙනෙකුට වැළඳී තිබෙන දියවැඩියාව අධික තරබාරුව, අධික කොලෙස්රෝල් තැන්පත් වීම, හෘදය ආශ්‍රිත ගැටළු ගැස්ට්‍රයිටිස් ,  හෝමෝන අසමතුලිතතාවය  මේ කියන රෝග බොහොමයකට හේතු සාධකය වන්නේ සැඟවුණු ෆැටී ලිවර් රෝගයයි.

ඒ වගේම තමයි ෆැටී ලීවර් කියන රෝගී තත්ත්වය මේ වන විට ලෝකය නිශ්චිත ප්‍රතිකාර  ක්‍රමයක් නැති රෝගී තත්ත්වයක්  බවට පත් වී ඇත.

නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ  සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රතිකාර පද්ධතියක් ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ෆැටී ලිවර් සඳහා ශෝධන සහ ශමන ප්‍රතිකාර පද්ධතියකට යොමු වනු ඇත.
මෙම ප්‍රතිකාර මගින්;
– අක්මාවේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දියකර හැරීම.
– අකර්මණ්‍ය වී පැවතුණු පරිවෘත්තීය ක්‍රියා නැවත නිසි පරිදි ක්‍රියාත්මක කරවීම.
– අසමතුලිතතාවයට පත්වී තිබුණු අක්මා සෛල නැවතත් සමතුලිතතාවයට පත් කිරීම.
– අක්මාවේ පවතින ආසාත්මිකතාවය නැවැත්වීම.
– අක්මාවේ සිදු වෙන ව්‍යුහීය වෙනස්කම් නැවැත්වීම සිදුකරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කතා කරන හොඳ ආහාර පුරුදු හොඳ විහරණයක් වගේම හොඳ සිතුවිලි නීරෝගීතාවය කරා යොමු කරයි. නවීන තාක්ෂණය ඒ වගේම අද වෙනකොට අපි ගත කරන මේ අවිවේකී ජීවිතයතය නිසා ටිකෙන් ටික අපි හොඳ ආහාර හොඳ පුරුදු හොඳ සිතුවිලිවලින් ඈත් වෙමින් පවතිනවා. එයට  හොඳම උදාහරණයක් විදිහට මේ ෆැටී ලිවර් කියන රෝගී තත්වය අපිට සලකන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් යහපත් ආහාර, පුරුදු, සිතුවිලිවලින් ජීවිතය නීරෝගීතාවය කරා ගෙන යන්න.

වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා
Unit 8/3, Pacific Rise
Mt Wellington, Auckland-
022 3055 824
info@ceylonayurveda.co.nz

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.