සඳ එළිය වැටෙන විට
දොර කවුළු වැසෙන විට
මගේ සිත නිදි නැතිව
අවදි කරමි
මගෙ පුතුගෙ මතක පොත …
උගතෙකුද වී නුඹ
දුරු රටක ගිය සැටි
සිතුවම් පට ලෙසින්
සිත මවයි රූ රටා …
අතීතය වෙත ගොසින්
නැවත නැවතත් සිතමි
මගෙ පුතුගෙ මතක පොත
වැරදුනේ කොතැනද …
සොඳුරු තැන් අපෙ ලොවේ
එකිනෙකට පරයමින්
හැගෙයි මා මනස තුල
සෙනෙහසින් දෝරේ ගලන
සිසිල් දිය පහරක් සේ …
තනිව සිටින විටදි
සෙනෙහසින් සිත් දොවා
දුරු රටක නුඹ ගියද
ඉතිරි කර මතක පොත …
ඇයගේ ආදර ලොවේ
රජුන් වී නුඹ සිටි
සිතුවත් එසේ මැයි
එයද නොම වීය දැන් …
By Shiranthi Fernando – Sri Lanka