දවසකට -අව්වේම පිච්චෙන
පිච්චිලා කළු වෙන- කළු වෙලා කැත වෙන
වරුවකට-වළාපිරි අහසක්ව
ඉර වසා -හෙවන දෙන,
මොහොතකට-අව්වෙදිත් වහින
වැස්සේදිත් -සැර එළිය දෙන
වහින්න වගෙ ඇවිත්- හැරී ආපහු යන
වැහි ලකුණු නොපෙන්වාම- එකවරම කඩා හැලෙන,
ලස්සනට තියන දවස්- වැසි වැටී යට කරන
යටවෙලා තිබුණාට- ඉක්මනින් බැහැලා යන
බැහැලා ගිය සලකුණක්- කොහේවත් නොතියන,
සුන්දරම දවසකත්- පොළොව හොල්ලලා යන
මිනිත්තුව දෙක වුණත්- හිතට දුක අරන් එන
සීතලම දවසකත්- අව්ව හොල්මන් කරන
අව්ව ඇති දවසකත්- මල් තුහින වැහි වහින,
මීදුමින් වැසි උදය- සුන්දරම දවාලක්
වැහි වැටුණු රාත්‍රිය- මල් පිපුණු උදාවක්
Auckland වගේ නේද – අපි විදින ආදරෙත්.
By Yoshani Perera