සඳේ සාවිය පෙම් බැඳ, වලාකුළ හා හාදව
දිස්නෙ දුන් ඒ රිදී ඉර ළඟ මඳ’ඳුරේ ගුලිව
සඳ යහනතින් වෙන්වී උණු කඳුළු බී ළතැව
මාවතේ සැරි සරන්නී ජීවිතය තුළ තනිව
රිදුම් දෙන හද වසා වත්සුනු උලා වත සවස
පිපුණි රැය කඩුපුල ව පිනවා නිශායම පවස
නෙතින් ඇරයුම් ලබා සරතැස නිවා දුන් පහස
ලොවෙන් සඟවා හොවා හද තුළ සුරැකි ඒ රහස
රැය පුරා විඳ දහවලේ උන් නාඳුනන මිහිර
තෙපැළු දාහක් රහස් මන්තර සවන ළඟ කොඳුර
පුරන සිල්වත් බව මතින් ඈ අපුල කර බැහැර
නිවන දොරටුව නුදුරුවේ ඇත වෙලා හද මැඳුර
නයනශාන්ති දිසානායක – ශ්රී ලංකාව






