ආදරණීය ඔබ ,
මා වෙනුවෙන් බැබලෙනවාද?
තුරුණු ඔබ,
වියපත් මට…
බලාපොරොත්තු ගොන්නකට එලිය කළා මතකයි.
ජීවත් කළ ඔබ
මැරුණු සිතුවිල්ලට…
පණ දෙන්න ආ නිසා…
තරුව ඔබට මා…
කරමි ආදරය පමා.
මන්ද…
තරුව ඔබ ආදරය හඳුනන නිසා.
නොහැර අතහැර නොයන ,
බව දනිමි…
තරුව ඔබ…
සැමදාම…තරුණ නිසා.
තුරුලුවෙන්න ආසයි…
හොරහෙන්. ඇහෙන්න ඒ කතා …
අනිත් අය
සවන් දෙන නිසා…
තරුව ඔබ…
තාම තරුණව…
මෙමට!