ඊමේල්, මුහුණුපොත්, ජංගම දූරකථන
පරිගණක, මිතුරු ඉල්ලීම්,සමාජජාල
නැතුවත්,
අප දිවි ගෙවිවා යහතින්
තැපැල් මාමා අපේ විරුවාය එදා
ගමත්, නගරයත් යාකල පුරුක ඔහුවිය
අද මෙන් පණිවුඩ හුවමාරු නොවුනත් සැණෙන්
අපි කිසිදා අමනාප නොවුනෙමු .
එදා බුදුබණ නිතර නොඇසුනත්
හැම සිටියා තුටින්
නිරන්තරේ ඇසුනත් මෙදා බුදුබණ
සිටීද කිසිවෙක් ඒ පිළිපදිනා
සැම දුවති “මිරිගුවක්”පසුපස
කිසිවෙක් නොදනිති එබවක්
ක්ෂණික කෑම එදා එතරම් නොතිබුනත්
බතින් බුලතින් කුස පිරුණි
මත්කුඩු අපට අලුත් වදනක් වුණා
කුඩා ළමුන්ද මතට හුරුවී
රටම අදුරේය මෙදා
අප උදන් ඇනූ නිදහසද මේ
පවුල් විසිරී සීසී කඩවෙලා
ළමුන් දුවති හැල්මේ “විභාග”කරා
වැඩිහිටි පොඩිහිටි කවුරුත් දුවති
ගුණදම් ඇත විසිරි සැම අත
දුවාගනු බැරිදා ඒ මානේ
දිවිතොරකර ගනු හැර
ඒ අය නොදනී “විකල්ප “මාවත
By Priyanthi Adihetti – Opatha