‘කෙටි-කෙටි‘ කතාවක ලක්ෂණ මෙසේය.
අප පුවත් පතේ වරක් පළ වූ ඕක්ලන්ඩ්හි, ජී.එස්.පෙරෙරාගේ ‘ස්ථාන මාරුවක්’ කතාව මෙහිදී උදාහරණයකට ගෙන ඇත. ඒ කතාව මෙසේය. ගම් උදාවක් විවෘත කරන දා බුදු මැදුරද උත්සවශ්‍රීයෙන් විවෘත කළත් ඊට පසු නොසලකා කැලෑවට ගොස් තිබුණි. දැන් පිළීමයට අලුත් තැනතට මාරුවක් ලබා දෙන මෙන් ගැමියෙක් ඉල්ලා සිටියි.
‘කෙටි-කෙටි‘ කතාවකටද විශේෂ සිදුවීමකින් (inciting incidents) පටන්තා ගන්නා ආරම්භයක්, ගැටුමක්, වර්ධනයක් හා නිමාවක් (catharise) ඇති කතා ශරීරයක් ඇත. එක් දෘෂ්ටිකෝණයක් වූ විට සරල ය. ඉදිරිපත් කරන අදහසක් (තේමාවත් ) තිබිය යුතු අතර රචකයා චරිත කෙරේ සානුකම්පිතව බැලීම (empathy) වඩා වැදගත් ය.
සාමාන්‍යයෙන් වචන 1500 ට අඩු ය. අපට එවන කතා වචන 800 ට අඩු කරන්න. මැදින් පටන් ගෙන දෙපැත්තට කතාව විකාශණය කළ හැක. ‘ඔන්න එකෝමත් එක කාලයක රක්වාන පළාතේ කිරණෝදාගම කියන උදා ගම්මානයේ සීලදාස කියා ගැමියෙක් සිටියා,’ වැනි ආරම්භයක් නැත.
චරිත එක දෙකකට සීමා කරන්න.
එක සිදුවීමක් යොදාගන්න. මෙහි ඇත්තේ රැස්වීමක එක් සිදුවීමක් පමණි.
පෙන්වන්න. විස්තර නොකරන්න.(Show and don’t tell) උදාහරණ-
- හිටි හාමිල්ලාගේ සීලදාස හිස බිමටම පාත් කර මා සමීපයට තවත් කිට්ටු වුණේය. කළුපාට කලිසම උඩින් දමා ගත් ස්ටිෆ්-කොළර්, ආරියසූට් කමිසයේ රැළි ගසා දමා, හම් ගැසුණු මඩ පාට ෆයිල් කවරය තවත් කිහිල්ලට හිර කර ගෙන, ඇලයකට බර දී ඇහි බැම එකතු කර මා දෙස යාඥා ඇසින් බැලුවේ ය.
- ඊළඟට, ‘අනේ සර්,’ යි කියමින් වරක් හිස කැසුවේය. ‘මේක නම් කොහොමහරි කරල දෙන්න ඕනැ. හොඳද සර්.’
අවිනිශ්චිත බවකින්(cliff hanger) කතාව හමාර කරන්න. කතා ශරීරය නිම කළ යුතුම නැත. ඉක්බිති සියල්ලෝම සතුටින් සිටියහ, යනුවෙන් නිම කළ යුතු නැත.
මාතෘකාව කුතුහලය දනවා, කතාව සම්පිංඩනය කරන ආකාරයට යොදන්න. පිළිමයකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටීම උපහාසයකි.
Editor SriLankaNZ