සිංහල භාෂා දිනය ලෙස මාර්තු 02 දිනය නම් කිරීමට හේතු වන්නේ වාරියපොල සුමංගල හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව බ්‍රිතාන්‍ය රජය බිඳ දමා ලංකා ධජය එසවීමත්, සිංහල භාෂාවේ උන්නතියට මහඟු සේවයක් ඉටු කළ සිංහල භාෂා ප්‍රාචීනවරයෙක් වු කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ දැයෙන් සමුගත් දිනයත් මුල් කරගනිමිනි.
මනුෂ්‍ය වර්ගයාට භාෂාවක් අවශ්‍ය වන්නේ අනෙකා සමඟ තම අදහස් හුවමාරු කර ගැනීමටය. ආදි මානවයා විවිධ සංකේත භාවිතා කර ගනිමින් තම අදහස් හුවමාරු කරගෙන ඇත. අද වන විට එය වැඩි දියුණු වෙමින් සෑම රටකටම අනන්‍ය වූ භාෂාවක් හිමිව ඇත. ශ්‍රී ලාංකිකයන්ට අනන්‍ය වූ භාෂාව වන්නේ “සිංහල භාෂාව”යි. එය ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට පමණක් අනන්‍ය වූ එකකි.
සිංහල යනු “ඉන්දු ආර්ය” භාෂාවකි. එය ලියා ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර වලින් එකක් වන “සිංහල” අක්ෂරය භාවිතා කරමිනි. සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ නිල සහ ජාතික භාෂාවලින් එකකි. අද භාවිතා කරන සිංහල හෝඩිය අක්ෂර හැටකින් සමන්විත වේ. එය විවිධ කාලවලදී සංශෝධනයට ලක්ව ඇත. අප රටේ සිදු වූ ආක්‍රමණ සහ සංක්‍රමණ නිසා සිංහල භාෂාවට නොයෙකුත් බලපෑම් සිදු වී ඇත. එම නිසා වර්තමානයේ අප භාවිතා කරන සිංහල භාෂාවට නොයෙක් රටවල්වල භාවිතා කරන වචන එකතු වී ඇත.
ශ්‍රී ලාංකිකයන්ට, සිංහලයන්ට උරුම වූ සිංහල භාෂාව අඛණ්ඩව ඉදිරියට ජීව භාෂාවක් ලෙස රැගෙන යාම අප සැමගේම යුතුකමකි.
දිමුතු විජේසූරිය.