නයිජීරියාවේ පැවැති Bayelsa international Film Festival හිදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවීමට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සම්ත් වී තිබෙනවා.
ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘සුනාමි’ චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මනය ලැබී තිබෙනවා. එම චිත්‍රපටයේ ‘කල්‍යාණි’ ලෙස රඟපෑ නිරංජනී ෂම්මුගරාජා හොඳම නිළි සම්මානය දිනා ගැනීමද මෙම චිත්‍රපට උළෙලේදී සුවිශේෂී වුණා.
ශ්‍රිලන්කන්ස් ඉවෙන්ට්ස් (SriLankaNZ Events) කණ්ඩායම පසුගිය මාසයේ මෙම චිත්‍රපටිය නවසීලන්තයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කලත්, පවතින කෝවිඩ් වසන්ගත තත්වය නිසා එය දින නොමෙතිව කල් දැමීමට සිදුවුණා.
පවතින කෝවිඩ් වසන්ගත තත්වය පහව ගිය වහාම චිත්‍රපටය නවසීලන්තය පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම චිත්‍රපටය නැරඹීමට අප ඔබට ආරධනය කරන අතර එය, කෝවිඩ් උවදුර නිසා පීඩාවට පත්ව ඇති ලාංකික සිනමාවට හා නවසීලන්තයේ පළවන එකම සිංහල පුවත්පත වන “ශ්‍රී ලන්කන්ස් ̃ ඉදිරියටත් පවත්වා ගෙනයාමට ඔබ කරන අගනා අතදීමකි.