“සැකය” රෝගයක් නිසා ඇතිවිය හැකි දෙයකි. මෙම රෝගයට “ඔතෙලෝ සින්ඩ්‍රෝම්” ලෙස නම් කරන්නේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙනය. එනම් ඔතෙලෝ නැමැති දක්ෂ ජෙනරාල්වරයා තමා බෙහෙවින් ආදරය කළ තම බිරිඳ ගැන සැකකර නිදි යහනේදීම මරා දැමීමයි. මෙම “සැකය” රෝගයක් බව කිසිවකු දැන සිටියේ නැහැ. ඔතෙලෝ ලෙසින් හඳුන්වන්නේ තම සමීපතමයන් කෙරෙහි හේතුවක් නැතිව සැකය උපදීම නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයක්. නමුත් එහි තේරුම සියලුම සැකයන් රෝග වන බවක් නොවේ. නමුත් Delusions of reference persecutory delusions වැනි රෝග නිසා සැකය හටගන්නා බව වෛද්‍ය මතයයි.
මෙවැනි රෝගීන් අප අතර සිටිය හැක. ඔවුන් පවුල් ජීවිතවලට පමණක් නොව සමාජ සංස්ථාවටම කරන්නේ හානියකි. අමතක වීම නිසාද සැක ඇතිවිය හැක. තමන් ගෙදර දොර වැසුවාද යන්න අමතක වන බොහෝ දෙනෙකු තම සැකය නිසා ආපසු ගෙදර එන්නට ඉඩ ඇත. එය ඉඳහිට සිදුවීම රෝගයක් නොවේ.
පොලීසිය විසින් සැකපිට යමකු අත් අඩංගුවට ගන්නේ විමර්ශනය නැමැති වෙනත් සාධකයක් නිසාය. ඔවුන් නීති පද්ධතියකට අදාළව සිද්ධිමය කරුණු කාරණා සහ ඇසින් දුටු හෝ වෙනත් සාක්ෂි මත යමකු ගැන සැක කිරීම ද ලෙඩක් නොවේ.
ඩෙංගු බහුලව ඇති ප්‍රදේශයක යමෙකුට උණක් හැදුණු විට එය ඩෙංගු යැයි සැක කරන්නේ ද පිස්සුවට නොවේ. සොක්‍රටීස් පොළව පැතලියැයි විශ්වාස නොකළේය. විශ්වාසයක් නැති තැන ඇතිවන්නේ සැකයකි.
තම අතීත අත්දැකීම් ගොන්නක් තුළ නව නිර්මාණයන් බිහි කළ හැකි ශේෂ්ඨයකු වූ සොක්‍රටීස් පොළව පැතලි නැතැයි කීවේ රෝගයකින් නොවේ.
නමුත් රෝගයකින් පෙළෙන කෙනෙකුට අද දවසේ ලෝකය රවුම් නැතැයි කිව හැකි නමුදු එම කතා දෙක එක සමාන නැත.”
ලෝක දියුණුව බුද්ධිමතුන් සැකයෙන් බැලීමේ ප්‍රතිඵලයකි. නමුත් සැකය බුද්ධිමතුන්ගේ පවුල් පවා කඩා බිඳ දැමීය,” යන්න ප්‍රචලිත කියමනකි.
එබැවින් මානවයා අතර ඇතිවන සැකය දෙයාකාරය. එය රෝගයක් වන විට එය රෝගයක්දැයි තේරුම් බේරුම් කර ගැනීමට වෛද්‍ය උපදෙස් අවශ්‍යය. නමුත් එවැනි රෝගීන් තමන්ට ලෙඩක් ඇති බව පිළිනොගැනීම රෝගයටත් වඩා ලොකු ව්‍යවසනයකි.
(වීභාවී විසිනි)






