fbpx
13.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

වෘත්තියෙන් විශ්‍රාම යාම පමණක් මදිය | විභවි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

විශ්‍රාමය යනු ජීවියෙකුට අවශ්‍යම කාරණයකි. නින්ද යනු දවස අවසානයේ ලබන සුවයකි. එයද විවේකයකි. එය දවස අවසානයේ ලබන විශ්‍රාම සුවයයි. එසේ නැත්නම් ජීවියාගේ ජීව විද්‍යාත්මක සාධක රැසකට වන හානිය ගැන අමුතුවෙන් කිවයුතු නැත. 

රාත්‍රියේ ගෙදරට ගොඩවන අප වෙහෙස මහන්සියටත් වඩා ජන ජීවිතයේ ඇතිවූ ගැටළු හා ගැටීම් සමග ඇතිවූ ද්වේෂය කෝපය මෙන්ම ඇලීම් හා තදබල ආශාවන්ට ද වහල්වීමෙන් ඇති වූ මානසික පීඩනයන් නිසා වෙහෙසටත් විඩාවටත් තෙහෙට්ටුවටත් පත්වූ විට තම ශරීරය පමණක් නොව මනසටද විවේකය නැතිව බැරිය. ඒ සඳහා භාවනාව, සංගීතය, සැහැල්ලුවෙන් ඇවිදීම, පොත පත බැලීම, ලිවීම හා  නින්ද වැනිදේ තම සිත හා ගත විවේකයට පත් කරන ක්‍රමවේදයන් ලෙස පිළිගැනේ. 

 ඊට පසුදින අළුයම අලුත් ජීවිතයක් ලෙස අශ්වබල ජවයකින් දවස ආරම්භ කරන අප එදින සවස නැවත එකම චක්‍රයක නැවත නැවත කරකැවෙමින් ජීවිතය අඛණ්ඩව දශක ගණනාවක් පවත්වා ගෙන යන්නේ තරුණ ජවයට පින් සිදු වන්නටය. ජීවිත කාලයම මෙලෙස කාර්ය බහුල වූ අයෙකුගේ වයස් සීමාවන් ඉතා වැදගත් වේ. ඔහුගේ ප්‍රතිශක්තිකරණ ඇතුළු සියලු  පද්ධතිය තරුණ කාලයට වඩා වයස යනවිට ඔරොත්තු දෙන්නේ නැත. ඒවා දුර්වල වනවිට පරිසරයට අපගේ ඔරොත්තු දීමද අඩුවිය යුතුය. එසේම අපේ දුර්වල වන මස්පිඩු ඇට මිදුළු ගැනද කතා කරලා වැඩක් නැත. අසනීපයන් නිසා විය හැකි අතුරු ආබාධද එමටය. එබැවින් වයසට යනවිට ව්‍යායාම වුවද කළ යුත්තේ කිරා බලාය. ඒවාද සැහැල්ලු ඒවා විය යුතුය. එබැවින් එවන් කාලයකට පත්වන අපට විශ්‍රාමය අත්‍යාවශ්‍යම වෙයි. 

එහි තේරුම ජීවිතයේ අග භාගය වන විට දවස අවසානයේ ලැබූ නින්ද මෙන්ම ජීවිත අවසානයටද විශ්‍රාම සුවයක්ද අපට අවශ්‍ය වෙමින් ඇති බවය. ස්වභාව දහම අනුව අප වයසට යන විට ඇඳට හෝ පුටුවට වැටෙන්නේද එම විශ්‍රාම සුවයේ අන්තර් ඵල ලෙසටය. ඒ කෙසේ වෙතත් අපි වයසට යනවිට බණක් භාවනාවක් කරගෙන තම තමන් අදහන දහමක් හදාරමින් පොතක් පතක් කියවා ගෙන වත්ත පිළේ ඇවිදින්න තරම් විවේකයක් ගන්නවත් අවශ්‍ය වන විශ්‍රාමය ගැනද අප කතා කළ යුතුය. මන්ද අවසන් හුස්ම වැටෙන මොහොතේත් රාග, ද්වේශ, මෝහ කරපින්නාගෙන සියලුම දේ උපාදානය කොට ගෙන සිටින අපි එලොවට කෙසේ වෙතත් මෙලොවම අපායක් කරගන්නේ මැරෙන්නවත් වෙලා මදි මිනිසුන් ලෙසය. අවසන් හොරාවේදීත් තම සිතට මෛත්‍රිය, මානව දයාව, කරුණාව වැනි සිසිල් දහරාවන්ගෙන් තම සිත පුරවා ගත නොහැකි අපි විශ්‍රාම ගත්තා කිව්වට ජීවත් වන්නේ ගිනිගත් වෙහෙසකාරී ජීවිතයකි. 

 එනිසා විවේකය ඇවැසි ජීවිතයේ සන්ධ්‍යා භාගයවත් නිවී සැනසිල්ලේ මානසික සුවය විඳිමින් සියල්ල උපාදානයකින් තොරව සිටිනා මිනිසා වාසනාවන්තයකි. උපාදානය යනු තම දේපල දරුවන් මිත්‍රාදීන් නෑදෑයින්ට ආදරය කිරීම නොව ඒවා තමාට අතහැරිය නොහැකි තරමට අල්ලා බදා ගැනීමකි. එබැවින් විශ්‍රාමය වටපිටාවේ සුන්දරත්වය විඳින තම සමාජයේ ආදරය ලබන තම දේපළ සම්පත් භුක්ති විඳින නමුත් තදින් නොඇල්මෙන් ගත කරන  විශ්‍රාමයකි. එවන් විශ්‍රාමයක් එලොවටත් මෙලොවටත් වටිනා සම්පතකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.