සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සාහිත්‍යකරණයේ නියුක්ත ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ගෞරව දක්වන 2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය නොවැම්බර් 27 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. මෙම සම්මාන ප්රදානෝත්සවය සඳහා 2023 වර්ෂය තුළ ප්‍රකාශිත ග්රන්ථ සමීක්ෂණය කරනු ලැබීය. ඒ සඳහා 2023 වර්ෂයේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති කෘති රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව විසින් භාරගනු ලැබිණ. මෙම කාලයේ පළකර ඇති පොත් සංඛ්‍යාව 1684 කි.
ඒ අනුව හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූයේ, විරාජිනි තෙන්නකෝන් මහත්මිය විසින් රචිත ‘කැමෙලියා’ කෘතියටයි. හොඳම පිටකවර නිර්මාණය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූයේ, ‘එන්න එපා දියසෙන්’ කෘතිය වෙනුවෙන් මාලක ලලනජීව හටයි. මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 සඳහා නිර්දේශිත සමුද්‍ර ප්‍රකාශන අතර දයා ප්‍රතාපසිංහ මහතාගේ කුළුදුල් කෙටිකතා සංග්‍රහ වු ‘දූවිලිමල්’ පොතද ඇතුලත්ව තිබිම සුවිශේෂී දෙයකි.
නවසීලන්තයේ පදිංචි දයා ප්‍රතාපසිංහ මහතා විශාල කෙටිකතා ගණනක් ලියා සමාජ මාධ්‍ය හරහා පළ කර ඇත. ඔහු ලියන කෙටිකතා නවසීලන්තයේ ශ්‍රී ලංකන්ස් ප්‍රජා පුවත්පතෙහි දිගු කලක සිට පළවනු ලැබේ. ‘දූවිලිමල්’ කෙටිකතා සංග්‍රහයේ ද මෙසේ පළ කළ කතා රාශියක් ඇත.
‘මෙම කෙටිකතා ලියන්නේ මාතර-කිරමආර හැදුණූ වැඩුණූ චරිත ගැන මා ඇසු දුටු සිද්ධීන් මුල්කරගෙනය. වෙල් ඉපනැල්ලේ ඇවිද කිරමාර ගඟේ නා පීනා ගොඩැල්ලේ වැවුණූ අල බතලවල හේනෙන් නෙලුන කුරහනින් සැදි තලපවල රස බැලූ නිර්ව්‍යාජ ගැමියන්ගේ සංස්කෘතිය හා ජනසමාජ අතර හටගත් අව්‍යාජ සිදුවීමි පෙළ ගැස්වීමට මම උත්සාහ කළෙමි,’ යනුවෙන් කතුවරයා පොත ගැන පෙරවදනෙන් හදුන්වා දෙයි. ගැමියන්ගේ කතාබහ, හැසිරීම හා ඒ ඒ කතා ශරීරයන් වීකාශනයේ දී යොදා ගෙන ඇති බස හා සංසිද්ධීන්වල දී චරිතවල හැසිරීම් රටාව ස්වාභාවික බව රැකගෙන ඉදිරිපත් කිරීමට ප්‍රතාපසිංහ මහතා මනා නිපුනතාවයක් දක්වයි.
‘තම ගම හා හැදුණූ වැඩුන පරිසරය යොදාගෙන කතා ලිවීමේ දී ඒවායේ අගය වැඩි වනවා මිස අඩුනොවේ ,’ යයි වරක් මාර්ටින් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශය දයා ප්‍රතාපසිංහ මහතාගේ ‘දූවිලිමල්’ කෙටි කතා එකතුව කියවීමේදී සිහිපත් වේ.
ශ්‍රී ලංකන්ස් අපි ඉතා සතුටින් දයා ප්‍රතාපසිංහ මහතාට සුබ පතමු.