fbpx
12.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වසර 15 ක් සපිරෙන නවසීලාංකික කරාතේ ඇකඩමිය (2009-2023)

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ජපානයෙන් උපත ලැබූ කරා-තේ නැතහොත් හිස් අත් සටන් ක්‍රමයේ ආරම්භය වසර 100 කටත් වඩා පැරණිය. කරාතේ යනු හිස් අතින් කරන සටන් ක්‍රමයකි. එය වර්තමානය වන විට ලෝකයේ රටවල් 190 ක පමණ මිලියන 100 ක් පමණ පුහුණුවන ඔලිම්පික් ක්‍රිඩා සදහා සුදුසුකම් ලැබූ ලොව ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි. කරාතේ ප්‍රගුනකිරීමෙන් පුද්ගලයෙකුගේ කායික, මානසික ශක්තිය හා ඉවසීම, දරාගැනීමේ ගුණය ඉහළ නංවාගත හැකි සටන් ක්‍රමයක් මෙන්ම ක්‍රීඩාවක් ලෙස ලොව ප්‍රචලිතය.

අද අප ශ්‍රී LankaNZ විශේෂාංගය මෙවර වෙන් වන්නේ වසර 15ක් ම නවසීලන්තයේ කරාතේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් සේවයක් කරන කරාතේ ඇකඩමිය සඳහාය .

නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන සෙන්සේ ධම්මික ආරියරත්න මහතා විසින් මෙහෙයවන ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝකායි නවසිලංකික කරාතේ ඇකඩමිය (AUCKLAND KARATE DO WADOKAI NEWZEALANKAN KARATE ACEDEMY ) නවසිලන්ත ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති බලයලත් නිල කරාතේ පාලක මණ්ඩලය වන නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයට (KARATE NEW ZEALAND) අනුබද්ධ හා ලියාපදිංචි සංගමයක් ලෙස කටයුතු කරයි.

එහි ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන සෙන්සේ ධම්මික මහතා නවසීලන්ත ක්‍රිඩා අමත්‍යංශය යටතේ ඇති නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයේ සහතික ලත් ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකි.

ඔහු ලෝක කරාතේ විනිසුරුවකු ලෙස ජාත්‍යන්තරව නවසීලන්තය නියෝජනය කරන එකම ශ්‍රී ලංකික කරාතේ විනිසුරු වන අතර වර්ෂ 2016 සිට මේ වනතෙක් නවසිලන්ත කරාතේ පාලක මණ්ඩලයේ විනිසුරු කවුන්සිල ලේකම් වශයෙන් ද, නවසිලන්ත ජාතික කරාතේ සම්මේලනයේ ඕක්ලන්ඩ් කලාපයේ (KARATE AUCKLAND)හී සභාපති ලෙස ද 2021 වශයේ සිට ඔශියානියා කලාපයේ කරාතේ විනිසුරු කවුන්සිලයේ (OCEANIA KARATE FEDERATION REFEREE COMMISION) සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.  මෙතක් නවසීලන්තයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ  ඉහළම නිල තනතුරු දැරූ ශ්‍රී ලාංකිකයෙකු වන්නේ සෙන්සේ ධම්මික ආරියරත්න මහතාය.

ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝකායි නවසිලංකික කරාතේ ඇකඩමිය නවසීලන්තයේ වාසය කරන අපේ ශ්‍රී ලාංකීය දු දරුවන් කරාතේ ක්‍රීඩාවෙන් ඉහළට ගෙන ඒමේ මුලික පරමාර්ථය පෙර දැඩි කරගෙන වර්ෂ 2009 යේදී ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන දු දරුවන් කිහිපදෙනුකු සමග ආරම්භ කළ අතර පසුගිය වසර 15ක කාලයක් තුළදී නවසීලන්තයේ පළාත් හා ජාතික කරාතේ ශුරයන් බොහෝමයක් බිහි කර ඇත  මෙතක් නවසීලන්තයේ වැඩිම ශ්‍රී ලාංකික දූ දරුවන් ප්‍රමාණයක් සහභාගීවන හා ජයග්‍රහණය ලබන ක්‍රීඩාවයි.

පුහුණුකරුවකු ලෙස වසර 35  කට අධික පළපුරුද්දක් හා කළුපටි 5 වැනි ශ්‍රේණිය ලබා ඇති සෙන්සේ ධම්මික මහතාගේ කරාතේ සුදුසුකම් හා අත්දැකීම් සංශිප්තයක් ලෙස ගත් කළ, ඔහු වර්ෂ 1978 දී කරාතේ පුහුණුව ආරම්භ කරන්නේ ප්‍රවීණ කරාතේ ගුරුවරයෙකු වන සෙන්සේ ජයසිරි පෙරේරා ගුරුතුමා යටතේය.

80 දශකයෙහි අග හා 90 දශකයෙහි මුල් කාලයන්හි ලංකාවේ පැවැත්වූ ජාතික කරාතේ ශුරතවල දී ජයග්‍රහණ ලබා ඇති සෙන්සේ ධම්මික මහතා ලෝක කරාතේ ශුරතාවලි 2ක් සඳහා ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

1990 වර්ෂයේදී  පාසැල් කරාතේ පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්වීම් ලැබ කැළණිය ශ්‍රී ධර්මාලෝක, කොළඹ වේළුවන, වැල්ලම්පිටිය විද්‍යාර්ථ, කොළඹ නාලන්ද යන පාසල් වල කරාතේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. මෙයින් කැලණිය ශ්‍රී ධර්මාලෝක ජාතික පාසල වසර 3ක් ජාතික කරාතේ පාසල් ශූරයන් ලෙස කිරුළු පැළඳුවේ සෙන්සේ ධම්මික මහතාගේ මග පෙන්වීම යටතේය.

කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා විද්‍යාතන ක්‍රීඩා උපදේශක සුදුකම ද සපුරා ඇත.

වර්ෂ 1993 දී ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති ජාතික කරාතේ සම්මේලනය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ පරිපාලන කටයුතුවලට තේරී පත්වන සෙන්සේ ධම්මික මහතා එහි බස්නාහිර පළාතේ ලේකම් ධුරයත්, පසුව එහි සභාපති ධුරයත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කරාතේ දෝ  සම්මේලනයේ ප්‍රධාන ලේකම් හා එහි උප සභාපති ධුරයත් හෙබවූ අතර, ජාතික කරාතේ විනිසුරු කවුන්සිලයේ ලේකම් වශයෙන්ද කටයුතු කල අයෙකි. ජාතික සම්මේලනයේ විධායක තනතුරු රැසක් හෙබවූ සෙන්සේ ධම්මික මහතා එවකට ශ්‍රී ලංකා කරාතේ දියුණු කිරීමට මහඟු සේවයක් සිදු කළ  පරිපාලන නිලධාරියෙක් ලෙස ප්‍රකටය.

පසුව පරිපාලන නිලදාරියකු ලෙස ජාත්‍යන්තර කරාතේ ශුරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු, 1999 අවුරුද්දේදී ප්‍රථමයෙන් පිහිට වූ දකුණු ආසියාතික කරාතේ සම්මේලනයේ උප ලේකම් වශයෙන්ද තෝරා පත්විය.

ඔහු 1989 වර්ෂයේ දී ජාතික කරාතේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේදී විනිසුරු කටයුතු අරම්භ කර අද වන විට එහි ඉහළම සුදුසුකම වන ලෝක කරාතේ පාලක මණ්ඩලයේ AA ශ්‍රේණියේ විනිසුරුවකු ලෙස නවසීලන්තය නියෝජනය කරමින් සිටින සෙන්සේ ධම්මික මහතා, ලෝක කරාතේ සම්මේලනයේ විනිසුරුවකු ලෙස පුර්ණ සුදුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ.

පසුකලෙක, ඔහුගේ නවසීලන්ත ආගමනයෙන් අනතුරුව  2020 අවුරුද්දේ දී  පැරිසියේදී පැවැත්වීමට තිබු ඔලිම්පික් පරිසාධන කරාතේ ශුරතවලියට නවසීලන්තය නියෝජනය කරමින් විනිසුරුවරයෙකු ලෙස සහභාගී වීමට සුදුසුකම් ලැබිය.

සෙන්සේ ධම්මික මහතා විනිසුරුවකු වශයෙන්, ලෝක කරාතේ ශුරතාවලි (WKF Championship) 19ක්, ඔශියානියා කරාතේ ශුරතාවලි (Oceania Karate Championship) 10 ක්, පැසිෆික් ක්‍රීඩා උළෙල (Pacific Games) 03ක්, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල – කරාතේ (Commonwelath Karate Championship) 03ක් ඇතුළු වෙනත්  කරාතේ ශුරතාවලි 5ක් ද සමගින් මෙතෙක්  40 වතාවක් පමණ නවසීලන්තය ජාත්‍යන්තරව නියෝජනය කළ ජේෂ්ඨ කරාතේ විනිසුරුවරයෙකි.

නවසිලාංකික කරාතේ ඇකඩමිය වසර 15ක් පුරාවට ශ්‍රී ලංකික දු දරුවන් මෙන්ම පොදු ප්‍රජාවට ඉමහත් සේවයක් කර ඇත.

මෙම කරාතේ ඇකඩමියේ ප්‍රජා කටයුතු අතර වර්ෂයකට වරක් වර්ෂයේ ආරම්භයේ ජනවාරී මස පවත්වනු ලබන මා පිය ගුරු වන්දනාව, AWK වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවය හා කරාතේ සංදර්ශනය හා පොසොන් දන්සල වේ.

ඇකඩමියේ දූ දරුවන් සෑම වර්ෂයකම තම කරාතේ පුහුණුවීම ආරම්භ කරනු ලබන්නේ මා පිය ගුරු වන්දනාවෙනි. මෙම කටයුත්ත සඳහා ඕක්ලන්ඩ් නගයේ ඇති වෙහෙර විහාර සම්බන්ධ කරගෙන ඇකඩමියේ දෙමාපියන්ගේ හා දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව කරගෙන යනු ලබන අතර මෙවැනි කර්තව්‍යන් හරහා ශ්‍රී ලාංකිකයන් වශයෙන් උරුම, උසස් සහ පෞඩ අනන්‍යතාවයන් නවසීලන්තයේ වෙසෙන ලාංකීය දු දරුවන් සදහා ලබාදීම මුලික අරමුණුවේ.

AWK වාර්ෂික සම්මාන හා ත්‍යාග ප්‍රධාන උත්සවය සහ සංදර්ශනය සෑම වර්ෂයකදීම ජනවාරී මස තෙවැනි  සතියේ සෙනසුරාදා දින පැවැත්වීමට කටයුතු කරයි.

AWK සම්මාන හා ත්‍යාග උළෙල, සාධාරණ හා විනිවිද ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වසරක්  පුරාවට අපගේ දරුවන් සහභාගී වූ කරාතේ ශුරතවලි දී කරාතේ පුහුණුවීම්, විභාග හා අනෙකුත් ක්‍රියා කාරකම් වලදී දැක්වූ විශිෂ්ට ජයග්‍රහණ සැමරීමට සහ ඇගයීමට වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

සම්මාන උළෙලට සමගාමිව පවත්වනු ලබන කරාතේ සංදර්ශණය මෙම උත්සවය තවත් අලංකාර කරනු ලැබේ.

2022 වර්ෂයේභදී ආරම්භ කළ පොසොන් දන්සල ඕක්ලන්ඩ් ශ්‍රී ලංකාරාමයේදී එහි වැඩ වාසය කරන ස්වාමින්වහන්සේලාගේ ආරාධනයෙන් හා ආශීර්වාදයෙන් සැම වර්ෂයකදීම ඉතා සාර්ථකව සංවිධානය කර පවත්වනු ලැබේ.

දරුවන් සඳහා කරාතේ ඇකඩමිය මගින් වර්ෂයකට කරාතේ තරගාවලි  4 ක් සංවිධානය කරන අතර, එහි දක්ෂයින් පළාත් හා ජාතික කරාතේ ශුරතාවලට සහභාගී කරවනු ලැබේ.

ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝකායි නවසිලංකික කරාතේ ඇකඩමියේ සහය උපදේශකවරුන්ගේ, පොදු  කටයුතු මෙහෙයවන කණ්ඩායම පහත සඳහන් පරිදි වේ.

AWK පුහුණුකරුවන්:-

සෙන්සේ – ධම්මික ආරියරත්න – සභාපති හා ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන අතර ඇකඩමියේ  සහය උපදේශකවරුන් වශයෙන් කටයුතු කරන උපදේශකවරුන්ගේ විස්තර පහත සඳහන් පරිදි වේ.

සෙන්සේ – සමන් ප්‍රියංක – ජ්‍යෙෂ්ට සහය උපදේශක හා ජාතික සම්මේලනයේ සුදුසුකම්ලත් තරග පුහුණුකරුවෙකු කටයුතු කරයි.

සෙන්සේ – කසුන් ඉලේසිංහ – ජ්‍යෙෂ්ට සහය උපදේශක හා ජාතික සම්මේලනයේ සුදුසුකම්ලත් තරග පුහුණුකරුවෙකු මෙන්ම ජාතික විනිසුරුවෙකු ලෙස කටයුතු කරයි.

සෙන්සේ – මලිත් දිසානායක -ජ්‍යෙෂ්ඨ සහය උපදේශක හා ජාතික සම්මේලනයේ සුදුසුකම්ලත් තරග පුහුණුකරුවෙකු මෙන්ම ජාතික විනිසුරුවෙකු ලෙස කටයුතු කරයි.

සෙන්සේ මොවිඳු ආරියරත්න – සහය උපදේශක හා ජාතික සම්මේලනයේ සුදුසුකම් ලත් තරග පුහුණුකරුවෙකු මෙන්ම ජාතික විනිසුරුවෙකු ලෙස කටයුතු කරයි.

සෙන්සේ නන්දසිරි ලියනගේ මාධ්‍ය සම්බන්දිකාරක  වශයෙන් කටයුතු කරනු ලැබේ.

 

AWK විනිසුරුවන්:-

මෙයට අමතරව ජාතික සම්මේලනයේ පළාත් විනිසුරුවන් වශයෙන් සෙන්පායි – මිලාන් අචාරිගේ , සෙන්පායි ලෙහාන් සමරවික්‍රම , සෙන්පායි කෙවින් ප්‍රනාන්දු , සෙන්පායි අදිත මහරඹ කටයුතු කරයි.

 

Team AWK – “ AWK කණ්ඩායම ”

සම්පත් මුණසිංහ, ජීවන් මහරඹ, දුල්සංඛ කුලසිංහ හා ඉසූරු පෙරේරා යන මහත්වරුන් සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

මෙම කණ්ඩායම අප කරාතේ ඇකඩමියේ පොදු සංවිධාන වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා දෙමාපියන්ගෙන් සැදුම්ලත් ස්වේච්ජා කණ්ඩායමකි.

තවද කරාතේ ඇකඩමියේ දු දරුවන්ගේ ත්‍යාග ප්‍රධාන උත්සවය සාර්ථකව පැවැත්වීමට  නොකඩවා වසර 4කම අනුග්‍රාහකත්වය දක්වන නවසීලන්තයේ ශ්‍රී ලංකික ව්‍යාපරිකයින් වන ඇකඩමියේ ප්‍රධාන නිල අනුග්‍රාහක ෂෙහාන් සපරමාදු මහතා හා සම අනුග්‍රාහකත්වය දක්වන කාංචනා කුලසිංහ, තරංගා ගුණසේන, රූබන් ජයසීලන් හා රේණුක ඇන්තනි මහත්ම මහත්මීන් ඉතා ගෞරවයෙන් හා ඉතා ආදරයෙන් සිහිපත් කරයි.

මෙම සටහන අවසන් කිරීමට පෙර,

2008 වර්ෂයේදී සෙන්සේ ධම්මික නවසීලන්තයට පැමිණි අවදියේදී ඔහුගේ නවසීලන්ත කරාතේ ගුරුවරයා මෙන්ම මාර්ග උපදේශකයා වූ වසර 10 පෙර ජිවතුන් අතරින් සමුගත්  සෙන්සේ රොබී ස්මීත් ගුරුතුමා ඉතා ගෞරවයෙන් හා ඉතා ආදරයෙන් සිහිපත් කරයි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.