fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

Meet the SrilankaNZ team – Advertising, Distribution and Accounting Team

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 

හර්ෂ වීරකෝන්

හර්ෂ වීරකෝන් 2002 වසරේ නවසීලන්තයේ වෙලින්ටන් නගරයට පැමිණි අතර ඔහුගේ පුවත්පත් මුද්‍රණ හා මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ ලේක් හවුස් ආයතනයෙන්ය. දැනට වසර 20 කට වැඩි කාලයක් Stuff New Zealand මාධ්‍ය ජාලයේ සේවය කරයි.

විනෝදාංශ ලෙස ක්‍රිකට් සහ මේස පන්දු ක්‍රිඩාවට වැඩි කැමැත්තක් දක්වන අතර විවේක කාලයේ වෙලින්ටන් ශ්‍රි ලාංකික ක්‍රිකට් කණ්ඩායමකට සම්බන්ධ වී ක්‍රිඩාවේ නිරතවේ

Stuff මාධ්‍ය ජාලය සඳහා සේවය කරන අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා අපට අපේම පුවත්පතක් නොමැති බව වැටහුණ බැවින් එවැන්නක් ඇරඹීමට උනන්දුවීමේ ප්‍රතිඵලයක් ලෙස ‘ශ්‍රී ලංකන්ස්’ පුවත්පතට 2020 වසරේ ආරම්භය ලබාදෙන ලදි.

මුද්‍රණය, වෙළඳ දැන්වීම් සහ බෙදාහැරීමේ අංශ සහ රජයේ ආයතන සමග පුවත්පත සම්බන්ධව කටයුතු සඳහා ගනුදෙනු කිරිම ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීම්ය.

*****

දයා ප්‍රතාපසිංහ

විද්‍යා ගුරුවරයෙකු වූ දයා ප්‍රතාපසිංහ ක්‍රීඩා අධ්‍යාපනයෙන් පසුව ජාතික ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තර පුහුණු පාඨමාලා රැසකට සහභාගී වීය. ඉන් අනතුරුව ලංකාවේ කබඩි ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේය.1991 සිට 2001 දක්වා අඛණ්ඩව ‘දකුණු ආසියාතික’ සහ ‘ආසියානු’ ක්‍රීඩා තරග ඇතුළු ජාත්‍යන්තර තරගාවලීන් උදෙසා ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 2001 දී බෙල්ජියමේ පැවති ලෝක ජිම්නාස්ටික් ශූරතාවයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා වීය. පසුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රථම ක්‍රීඩා කළමනාකරු ලෙස ද ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුරු රැසක ද සේවය කර ඇත.

1990 දශකයේ ‘සන්නස’ පුවත්පතට ක්‍රීඩා ලිපි රචනා කළ ඔහු, ලේක් හවුස් ආයතනය සඳහා දීර්ඝ කාලීනව ලිපි ලබාදී ඇත. සමාජ මාධ්‍යවල රචනාවලට අමතරව කෙටි කතා පළකිරීම මගින් ලේඛන කලාවට උනන්දුවක් දැක්වූයේය. 2021 සිට ශ්‍රී ලංකන්ස් පුවත්පතට කෙටිකතා සපයන දයා එම රචනයන් ද එක්කර ගත් එකතුවක් ‘දූවිලිමල්’ ලෙස මෑතකදී පළ කළේය. ඉන් එක් කෙටිකතාවක් පාදක කරගනිමින් ‘දූවිලි මල්’ නමින් ටෙලි නාට්‍යයක් ද  ශ්‍රී ලංකාවේ රූ ගත කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකන්ස් පුවත්පතෙහි පළවන ‘ස්වර්ණ පවුර’, ‘විභාවී’ වැනි රචනයන් සඳහා ඔහු කතෘට සහාය වෙයි. ශ්‍රී ලංකන්ස් ව්‍යාපාරික ප්‍රජාව එකතු කරන ‘Business Hub’ ආරම්භ කිරීමට මෙන්ම පුවත්පතෙහි වෙළඳ දැන්වීම් හා ඕක්ලන්ඩ්හි සියලුම නගර සඳහා පුවත් පත් බෙදා හැරීම් සම්බන්ධීකරණය කරමින් සහාය වෙයි.

*****

නිලූකා වේලාතන්ත්‍රි

ශුද්‍ර ජීවී විද්‍යා අංශයේ උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කර දැනට නවසීලන්තයේ මැසේ විශ්ව විද්‍යාලයේ සේවය නියුතු නිලූකා වේලාතන්ත්‍රි ශ්‍රී ලංකන්ස් පුවත්පතට එකතු වන්නේ 2020 වර්ෂයේ පුවත්පතේ දෙවන කලාපය සමඟයි.

පාමස්ටන්  නෝර්ත් නගරයේ හා මැසේ විශ්වවිද්‍යාලය තුළ පුවත්පත බෙදා හැරීමේ කටයුතුවලින් පුවත්පතට එකතු වූ ඇය පිළිසඳර, කවි සිතුවිලි හා කෙටිකතාවලින් ද පුවත්පතට වරින් වර දායක වී ඇත.

2024  වර්ෂයේ සිට නිලූකා  ශ්‍රී ලංකන්ස් කණ්ඩායමට එකතු වන්නේ පුවත්පතේ පරිපාලන කටයුතු සඳහායි.

*****

තක්ෂිලා නානායක්කාර

 

ගනකාධිකරණ අංශයෙන්  උසස් අධ්‍යාපනය ලබා ඇති තක්ෂිලා නානායක්කාර CMA  හා  AAT   සුදුසුකම් ලබා ඇත. කාලයක් වෙලිංටන් සිට නවසීලන්තයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  සේවය  කළ ඇය  දැනට  ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි නාගරික උපයෝගිතා ආයතනයේ විමර්ශන දෙපාර්තමේන්තුවේ උසස් මෙහෙයුම් නිලධාරිනියක් ලෙස සේවය කරයි.

2024 දී ශ්‍රී ලංකන්ස් පුවත්පතේ කටයුතුවලට  සහාය වීමට එකතු වූ තක්සිලා  මේ වනවිට පරිපාලන කටයුතු සම්බන්ධ කණ්ඩායමේ ගිණුම්කරණ  කාර්යයන්  කරගෙන යයි.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.