THE GREAT KING AND TWELVE MUMMY GIANTS (Sinhala) – භීමක භාසුර ආරියසේන.
නවසීලන්තයේ, ඕක්ලන්ඩ්හි භීමක භාසුර ආරියසේන ලියූ මෙම කෘතිය 2026 ජූලි මස 11 වැනි දින ඕක්ලන්ඩ්වලදී එළි දැක්වින.
තමාගේ රටවැසියන් ට ආදරය කළ, ඉතා නිහතමානී, එඩිතර අවංක, ඉතාමත් නිර්මාණශීලි දක්ෂ රජකෙනෙකු සතුරන් ගෙන් තම රට හා වැසියන් බේරා ගැනීමට යොදා ගත් සැලසුම හා ඔහුගේ ඡීවිත කතාව වටා ගෙවුණු අභියෝගාත්මක කතාවකි. තමා දුටු සිහිනයක් ආශ්‍රයෙන් වූ චරිත සහ කරුණු සමග පරිකල්පනය මිශ්‍රිතව මෙම කෘතිය රචනා කළ බව භීමක පවසයි. මින් පසු දෙවන නිර්මාණය හා තෙවන නිර්මාණ කරාද යොමුව සිටින භීමක මෙම පළමු කෘතිය ගැන පාඨක අදහස්, යොවුන් නවකතාකරුවෙක් ලෙස කෘතවේදීව අපේක්ෂා කරයි.
Available with ‘SARASAVI’, the publishers. Direct orders (at a discount): (Uthpala) 072 405 1158
භීමකට SriLankaNZ සුබ පැතුම්!
අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්







