විදේශගත ශ්‍රී ලාංකිකකයන් මුහුණපාන ප්‍රධාන ගැටළුවක් නම් ලංකාවේ සිටින තම දෙමව්පියන් ඇතුළු ආදරණීයයන් රැක බලාගැනීමයි. විශේෂයෙන්ම ඔවුන් රෝගී වූ අවස්ථාවලදී තත්වය වඩාත් අසීරු වෙයි.
නමුත් මෙයට විසඳුමක් වශයෙන් මෑතකදී Nawaloka Medicare ආයතනය විසින් Nawaloka Family Care නම් සේවයක් ආරම්භ කරන ලදී. මෙහි නවසීලන්ත ශාඛාවේ සමාරම්භක උළෙල ඉකුත් ඔක්තෝබර් හයවන දින ඕක්ලන්ඩ් නුවරදී පවත්වන ලදී.
මෙම සේවය නවසීලන්තයේ පදිංචි තාරක සිල්වාගේ සහ ඔහුගේ ශ්‍රී ලාංකීය මිතුරකු මෙන්ම දැනට Nawaloka MediCare රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ගයාන් වන්නිආරච්චි එක්ව ආරම්භ කරන ලද නවීනතම සේවාවකි.
මෙහි ප්‍රධාන අරමුණ නම් විදේශගතව සිටින ලාංකිකයන්ට, ලංකාවේ වෙසෙන තම ආදරණීයයන්, විශේෂයෙන්ම දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව යාවත්කාලීන වීම හා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි.
මෙහි සපයන මූලික සේවාව නම් දුරකථන ඇමතුමක් ලැබුණු වහාම වෛද්‍යවරයෙක් හා හෙද කණ්ඩායමක් නිවසට පැමිණ රෝගියා නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් ලබා දීමයි. ඊට අමතරව හදිසි අවස්ථාවලදී ගිලන්රථ සේවා, දුරකථනය ඔස්සේ රොගියාට වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ පහසුකම්, ජංගම දුරකථනය වෙත වෛද්‍ය වාර්ථා යොමු කිරීම, අතිරේක ගෙවීමක් යටතේ නිවසටම පැමිණ ඖෂධ ලබා දීම ආදී කටයුතුද සිදු කරයි.
දැනට මේ සේවාවන් මූලික පැකේජය ඔස්සේ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය ක්‍රියාත්මක වුවද, ප්‍රවාහන වියදම් වැනි කරුණු නිසා අතිරේක ගෙවීමක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලටද මෙම සේවාව ලබාගත හැක. Nawaloka Family Care සේවය අනාගතයේදී මෙම සේවාවන් අනිකුත් ප්‍රදේශ දක්වාද පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව එහි කළමනාකරණය විසින් අවධාරණය කරන ලදී
පැවති සමාරම්භක උළෙලට නවසීලන්තයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් සමන් සේනාධීර, ආචාර්ය ක්‍රිශාන් ගාල්ලගේ හා වෛද්‍ය ප්‍රජාව නියෝජනය කරමින් වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා වැනි මහත්ම මහත්මීහු පැමිණ සිටියහ. එහිදී ඔවුන් පැවැත්වූ කතා වලින් මෙවැනි සේවාවක ඇති කාලීන වැදගත්භාවය පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරන ලදී.
තවද ශ්‍රී ලංකාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවලෝක මීගමුව ශාඛාවේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී වෛද්‍ය රිස්වාන් රස්වි හා ප්‍රධාන විධායක නිලධාරී ගයාන් වන්නිආරච්චි යන මහත්වරුද මෙම සේවාව පිළිබඳව වැඩි විස්තර ගෙනහැර දැක්වූහ. මීට අමතරව Nawaloka Family Care නිල වෙබ් අඩවිය හා නිල Facebook පිටුව දියත් කිරීමද එදිනම සිදු විය.
මෙම ව්‍යාපෘතියේ මීළඟ පියවර ලෙස ඕස්ට්‍රේලියාව රේලියාව දක්වා පුළුල් කරන බව තාරක විසින් පවසන ලදී.
ඔබට මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 0221661356 ඔස්සේ තාරකට ඇමතිය හැක.
තුලිත අභයවර්ධන, අචලා නෙලුනිකා – ඕක්ලන්ඩ්






