වැටුප් සීමා පිළිබඳ පැහැදිලි කිරීම
අයදුම්කරුවන් තම කුසලතා ශ්‍රම අත්දැකීම් ලබා ගැනීම ආරම්භ කළ අවස්ථාවේ ක්‍රියාත්මක වූ වැටුප් සීමාව පවත්වා ගැනීමට පමණක් අවශ්‍ය වන අතර, ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඉහළ සීමාවක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නොවේ.
මීට අමතරව, ‘grace period’ නමින් හඳුන්වන කාල සීමාවක් හඳුන්වා දී ඇත. සංක්‍රමණිකයෙකු තම ශ්‍රම වීසාව ලබා දුන් දින සිට මාස 5ක් ඇතුළත කුසලතා ශ්‍රම අත්දැකීම ආරම්භ කරන්නේ නම් එතැන් සිට වැටුප් සීමාව ඉහළ ගොස් තිබුණ ද වීසා ලබා දුන් දිනට ක්‍රියාත්මක වූ වැටුප් සීමාව භාවිතා කරනු ලැබේ. මෙම වෙනස්කම් Tier 2 Green List, Care Workforce, සහ Transport Work to Residence Visa ඇතුළු Work to Residence Visa මාර්ග සඳහාද අදාළ වේ.
සුදුසුකම් Evidence සහ credit අවශ්‍යතා
විදේශයන්හි ලබාගත් Trades and Technician සුදුසුකම් සඳහා පැවති credits 120ක අවශ්‍යතාව ඉවත් කර ඇති අතර එවැනි සුදුසුකම් Level 4 හෝ ඊට වැඩි විය යුතු අතර credit ගණනක අවශ්‍යතාවක් නොමැත. කෙසේ වුවද එම සුදුසුකම නවසීලන්ත ප්‍රමිතියට සමාන බව තහවුරු කිරීම සඳහා NZQA හරහා International Qualification Assessment (IQA) එකක් ලබා ගැනීම අවශ්‍ය වේ. අනෙක් අතට නවසීලන්තයේ ලබාගත් Trades and Technician සුදුසුකම් අවම වශයෙන් credits 120කින් සමන්විත විය යුතු අතර පහළ සුදුසුකමක් ඉහළ සුදුසුකමකට පූර්ව අවශ්‍යතාවක් වන අවස්ථාවලදී එම සුදුසුකම් කිහිපයක සම්පූර්ණ credits ගණන එකට ගණන් කළ හැකිය. පෙර ඉගෙනුම් පිළිගැනීම හරහා ලැබූ credits, මෙම අවශ්‍යතාව සඳහා ගණන් කළ නොහැක.
මීට අමතරව නව මාර්ග දෙක යටතේම ස්වයං රැකියාව (self-employment) සෘජුවම අදාළ ශ්‍රම කුසලතා අත්දැකීමක් ලෙස ගණන් කළ නොහැකි බව පැහැදිලිව සඳහන් කර ඇත.

සැබෑ රැකියාව පිළිබඳ ශක්තිමත් ප්‍රතිපත්ති.
SMC Resident Visa, Work to Residence Visa සහ Straight to Residence Visa ඇතුළු සියලුම කුසලතා පදනම් වූ ස්ථිර පදිංචි වීසා සඳහා අවශ්‍ය වන ‘සැබෑ රැකියාව’ (genuine employment) පිළිබඳ වඩාත් පැහැදිලි නිර්වචනයක් ලබා දීම සඳහා ආගමන උපදෙස් යාවත්කාලීන කර ඇත.
INZ අවධාරණය කරන පරිදි බහුතරයක් කුසලතා පදනම් වූ ස්ථිර පදිංචි අයදුම්පත් සම්බන්ධයෙන් රැකියාව සැබැවින්ම ආයතනය අවශ්‍ය රැකියාවක් බව තහවුරු කළ යුතුය. එබැවින් මෙම පැහැදිලි කිරීමෙන් සාමාන්‍ය අයදුම්කරුවෙකුට කිසිදු බලපෑමක් සිදු නොවේ. එනමුත් රැකියාව සැබෑ නොවන බවට තදබල සැකයන් පවතින සුළු අවස්ථාවලදී අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට INZ වෙත වඩාත් පැහැදිලි නෛතික පදනමක් මින් ලැබී ඇත.
මීට අමතරව පිළිගත් වෘත්තීය ලියාපදිංචියක් ඇති අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵලවල වලංගු කාලය වසර 5ක් දක්වා දීර්ඝ කර ඇති අතර, CPA Australia සාමාජිකත්වය ඇති ගණකාධිකාරීන්ටද SMC මාර්ගය යටතේ සුදුසුකම් ලැබේ. 2027 වර්ෂයේ සිට, SMC අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමතර මාස 12ක් දක්වා කුසලතා ශ්‍රම අත්දැකීමක් අවශ්‍ය වන සංක්‍රමණිකයන්ට, එම කාලය සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ගේ Accredited Employer Work Visa (AEWV) දීර්ඝ කිරීමට අයදුම් කළ හැකි වනු ඇත.
මෙම වෙනස්කම් 2026 අගෝස්තු 24 සිට ක්‍රියාත්මක වන බැවින්, වර්තමාන නීති යටතේ SMC Resident Visa සඳහා Expression of Interest (EOI) එකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයෙකු නම්, එය අගෝස්තු 24ට පෙර ඉදිරිපත් කළ යුතුය. එදිනට ඉදිරිපත් නොකළ කෙටුම්පත් EOI ඉවත් වී මකා දමනු ලබන අතර නව රටාව යටතේ නැවත ආරම්භ කළ යුතු වේ.
ඔබේ වීසා මාර්ගය මෙම වෙනස්කම්වලින් කෙසේ බලපායිද යන්න පිළිබඳව නිශ්චිතව දැන ගැනීමට නම්, බලපත්‍රලාභී ආගමන උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම නිර්දේශ කරනු ලැබේ.
යසසි ගුණරත්න – මාස්ටර්ටන්







