නවසීලන්ත ශ්‍රී ලංකා පදනම වෙනුවෙන් ශ්‍රී ලංකා උරුමය, රසිකත්වය සහ සම්ප්‍රදායන් පිළිබඳ විචිත්‍රවත් සැමරුමක් වන 2025 ශ්‍රී ලංකා දින ආහාර සහ සංස්කෘතික උළෙල ඉතා සාර්ථකව 2025 නොවැම්බර් 8 වන සෙනසුරාදා පෙ.ව. 9:00 – ප.ව. 3:00 වෙස්ලි ප්‍රජා මධ්‍යස්ථානය, 740 සැන්ඩ්‍රින්හැම් පාර දිගුව, මවුන්ට් රොස්කිල්හිදී පැවැත්වීය.
මෙම පවුල් හිතකාමී උත්සවයට ආහාර සහ සජීවී ඉවුම් පිහුම් ස්ථාන දක්නට ලැබුණි. සංස්කෘතික නැටුම් සහ සංගීත සංදර්ශන මුහුණු පින්තාරු කිරීම සහ ළමුන් සඳහා බවුන්සි මාළිගාව නොමිලේ සංවිධානය කර තිබුණි.
ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, දේපළ වෙළඳාම්, රක්ෂණ, ආගමන සේවා, සංචාරක සහ තවත් දේ ප්‍රදර්ශනය කරන කුටි ලෙස ප්‍රදර්ශනයට එක්විය. නවසීලන්ත ලාංකික සම්භවයක් ඇති විවිධ නායකයෝ සහ සම්භාවනීය අමුත්තතෝ රැසක් සහභාගිවූහ. ප්‍රධාන අමුත්තා ලෙස නවසීලන්තයේ ජනවාර්ගික කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් මිචෙල් මහතාද සහභාගි වුයේය.






