fbpx
12.5 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වචනයක්… | කතෘ- Sri LankaNZ | නවසීලන්තය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දයා ප්‍රතාපසිංහ මහතා ශ්‍රී ලංකන්ස්වල පළ කළ කෙටි කතා එකතුවක්,  ‘දූවිලි මල්’  නමින් ප‌ොතක් ලෙස පළ කර ඇත. ඒ මහතාට සුබ පතමින් පොතෙහි පසුපිට කවරයේ  අප සැපයූ සටහන පහත පළ කරමු.

පහන් ලක්ෂයක්! ගණන් කළ නොහැකි අය අප පමණක් නොවේ.
සතුටින් සිටීමට පියවි ලොවම අවශ්‍ය නැත.
පෙනෙන්නේ දෑසටම නොවේ.
කලාමැදිරියන් මෙන් එළි දල්වා බඹරුන් මෙන් හඩ දී වඩින දෙවියන්.
තඹ කාසියකට මුතු මැණික්!
කහ යනු පාටක් පමණක් නොවේ.
හොරෙකු වීමටත් පිනක් ද තිබිය යුතුය.
අරගලයකට හේතුවක් අවශ්‍යම නැත. අනවබෝධය ප්‍රමාණවත්.
බණ ඇත්තේ පංසලේ පමණක් නොවේ. වෙනස කියන දේය.
වැල්ලේ මාලිගා සැදිය හැක. අවදි වන තෙක්.

කිරමාර නදිය, විසල් නිල්වලාවට එක්වන්නේ ගම්බිම්, වතුපිටි, බත බුලත සරු කරමිනි. ගම රට මිනිසුන් ජීවත් කරමිනි. දූවිලි මල් කතා ඒ කිරමාර මිටියාවතේ මිනිසුන්ගේ කතාය. නවසීලන්ත ශ්‍රී ලංකන්ස් (Sri LankaNZ) පුවත්පතේ පළ කරන්නට අප තෝරා ගත්තේ පසුබිමෙහි වූ ගැමි ගතිය, අව්‍යාජ බව හා කතුවරයාගේ කතා කීමේ ශූරත්වය නිසාය.

මාතර අකුරුගොඩ උපන් දයා ප්‍රතාපසිංහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. ආචාර්යය වරයෙකි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සම්මේලන කීපයකම තනතුරු දැරූවෙකි. ජ්‍යාත්‍යන්තර අත්දැකීම් ලැබූ නිලධාරියෙකි. නවසීලන්ත නිවැසියෙකි.

කතෘ – Sri LankaNZ
නවසීලන්තය

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.