fbpx
6.1 C
New Zealand
Tuesday, May 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නිහඬ – හඬ අවදි කරන අහස – සැප්තැම්බරය හෙවත් බිනර මස

Must read

නිහඩව අහස කතා කරන හැටි ඔබ දුටුවාද ? සිංහල ව්‍යවහාරයට අනුව අහස කතා කරන මස නමින් හඳුන්වන සැප්තැම්බර් මාසය බොහෝ රටවල පොතට පතට එසේත් නැතිනම් පුස්තකයට ඇලුම් කරන ඔබේ හඬ ඔබම අවදි කරන මාසයයි.

ඩිජිටල් යුගයක පුරන් අස්වනු නෙලන කාලයක සාහිත්‍යකරුවා නම් සංවේදී මිනිසා පොත් අතර සැරිසරන ඔබ අප වැන්නන්ට මහඟු පිළිසඳරකි. මන්ද සාහිත්‍යකරණයේ යෙදී සිටින ඒ මිනිසා විසින් ලබා ලබාදෙන අස්වැසිල්ල අතිවිශාල බැවිනි. නිදහස් නිවහල් මනසකින් නිර්මාණකරණයේ නියැලී සිටින නිර්මාණකරුවා සාහිත්‍ය මාසයේ තම නිර්මාණ ඇගයෙන තෙක් මඟ බලා  සිටී. තවද, කියවන්නන්ට ලියන්නන්ට වගේම පොත් අලෙවිකරුවන්ට ද මෙය සුවිශේෂී මාසයකි. පොතට පතට ඇලුම් කරන්නන්ට වගේම තම නිර්මාණශීලීත්වය විවිධ නිර්මාණයන් හරහා රස විඳින්නන් අතරට ගෙන යන රසාස්වාද චිත්‍රපට ගීත සහ කවි ද සාහිත්‍ය මාස තුළ දී අප මතක් කළ යුතුම ය.  

ලංකාවේ ද  සෑම වසරකම බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතුරු  සිදුරු නැතුව පොත් ගුල්ලන්ගෙන් පිරෙනවා නොඅනුමානය. ඒ අතර නවක ගීත විචාරකයන් මෙන්ම  අත්දැකීම් බහුල නිර්මාණකරුවන්ද ඇතුළුව, නවක කතුවරයන්ද එක වහලක් යටට හමු වෙනවා නොඅනුමානය.

මේ වසරේ විසි දෙවැනි වරට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අවුරුදු විසි දෙකක් පුරාවටම විවිධ අයවලුන් ලවා කුටි වශයෙන් බෙදාගෙන පොත් අලෙවිකරණයේ යෙදී තිබෙනවා. මේ මාසය පුරාම ප්‍රධාන සම්මාන කිහිපයක්ම විවිධ නිර්මාණයන් ඔස්සේ ලැබෙන අතරම, රාජ්‍ය සම්මානය හොඳම නිර්මාණකරණයට හිමි සම්මානය ලෙසද, හොඳම නවකතාවට ගොඩගේ සම්මානය වගේම ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ස්වර්ණ පුස්තක සම්මානයද ලබා දෙනු ලබනවා.

ඒ නිසා මෙවර ද සාහිත්‍ය මස තුළ නිහඩ හඬ අවදි කරන තුරු අපි සැවොම බලා සිටිමු.ගවිත්‍රී යටිගම්මන – වෙලිංටන්
By Gavithri Yatigammana – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.