ඇසළ සඳ පායලා
රන්දෝලි පෙරහැරට
රූප පෙට්ටිය මවයි
නේක විසිතුරු රටා…
වැව් දියේ මතුවෙනා
විදුලි මිණි පහන් එළි
වළාකුලු බැම්ම මත
මවයි නෙක කල්පනා…
සඳ කොමලි මුදා හල
සුදු සේළ සඳ එළිය
විවර වූ කවුලුවෙන්
කුටිය තුළ අතුරලා…
විඩාබර හදවතට
සැනසුමක් ගෙන එන්න
පිච්ච මල් සුවඳ දී
මද නළට මුසුවෙලා…
ඇහි පියන් නලියමින්
බොඳවු සිතුවම් අතර
මතක අමතක බැරිවු
සිතින් සිත සනසලා…
මගෙ කුටිය එකලුකළ
කෝ මගේ පුරා හඳ
දැනෙන හුදකලාවෙන්
සිතට එබිකම් කළෙමි
විමසුවෙමි හදවතින්
මගේ සඳ දුර ගිහින්
By Thilaka Jayaweera – Sri Lanka