fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ප්‍රේමයේ පසුවදන : පළමු පසුවදන | හසන්ති ශාරිකා යාපාබණ්ඩාර | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආදාහනාගාරයේ දුම් රොටු වළාකුළු අතරට මුසු වෙමින් නොපෙනි යද්දී දෙවන වරටත් මා දේවේන්ද්‍රගෙන් නිදහස් වූවා යැයි හැඟීමක් මට දැනුනී. ඈතින් නැගී සිටිනා හන්තාන කඳු පංතිය මත මා දෑස තැබුවේ දේවෙන්ද්‍රගේ දැවෙනා චිතකය දෙස බලා සිටිමේ වෙහෙස මඟහර වන්නටය. හන්තාන දෙස මා බලා සිටි අවස්ථා මෙතක යැයි කිව නොහැකි තරමටම මා හන්තාන දෙස බලා සිට ඇත. මා ඉපදුණ දා සිට මගේ සංතෝෂ, ශෝක, ප්‍රේමය, රහස් හන්තාන බලා සිටියේය. අදත් හෙටත්, දිනක මාගේ චිතකය ද දැල් වී නිවි යන තෙක් හන්තාන මා දෙස බලා හිඳිනු ඇත. 

” දැන් යමු නංගි…. දේවේන්ද්‍රට පණ එයි කියලා යැයි කොච්චර බලා ඉඳියත්…. ”

අක්කා පැළඳ සිටි අවුකණ්නාඩිය හිස මුදුනට කරමින් ටිෂූ එකක් ගෙන මුහුණෙහි රැඳී ඇතී දා බිඳු පිසමින් කිව්වාය.

මම දිගු සුසුමක් අවසාන වතාවට දේවේන්ද්‍රගේ දැවී යන ශේෂයන් සමඟින් මුසු කළෙමි.

“ජිවත් වෙන කාලෙත් තමන්ගේ පවුල රැකගෙන ඉඳිය ගැණියෙක් නෙවෙයිනේ උඹ… පවුල ගැන කැක්කුමක් තිබුණා නම් දේවෙන්ද්‍ර මල්ලි මෙහෙම මැරිලා යන්නේ නෑ… ”

ඈතින් ඉඳගෙන දේවෙන්ද්‍රගේ චිතකය දෙස බලා හිඳිනා විශාල ජනකාය සිසාරා මා බැලුවෙමි. දේවෙන්ද්‍රගේ විශ්ව විද්‍යාල සිසුන්ද මාගේ සිසුන්ද වෙන් කර හඳුනා ගැනීමට අසාර්ථක උත්සහයක් දැරූවෙමි. ඒ අතර විශ්ව විද්‍යාල අධ්‍යන සහ අණධ්‍යන කාර්‍ය මණ්ඩලයේ අයද දේවේන්ද්‍රගේ රෝහල් කාර්‍යමණ්ඩලයේ අයද අප දෙදෙනාගේම නෑදෑ හිතවතුන්ද වූයේය. ඒ සියල්ල වෙන් වෙන්ව හඳුනා නොගත්තද මුලු ලෝකයෙන්ව වෙන් කර හඳුනා ගත හැකි එකම ඇස් දෙක හඳුනා ගන්නට මට හැකියාවක් තිබුණි.

“ප්‍රේමචන්ද්‍ර නේද? ”

අක්කා මගේ කණට කර ඇසුවාය. ඇයට මා උත්තර දීමෙන් හෝ නොදිමෙන් වැඩක් තිබුණේ නැත. පුලු පුළුවන් සෑම විටම කොහිල කටු අනිනවාක් මෙන් ඇනුම් පද කියමින් මා රිදවන්නට තැත් කලාය. ඈ නොදන්නා එකම දෙය නම් රිදෙනා මානයෙන් මා නික්ම ගොස් බොහෝ කල් බැව් පමණය.

ඒ සමඟම රැස්ව හිඳි ජනකායෙන් සැලකිය යුතු පිරිසක් ඔහු වට කර ගත්තේය. ඔහු කියවීමට තැත් කරමින් හිඳි මට, ඔහුගේ හිස සිට පාදාන්තය දක්වාම විඳ ගැනීමට තැත් කරමින් හිඳි මට ඊට ඉඩ හසර නැතිවී ගියේය.

“නාට්‍යකාරයාට ගිය කලක්… ”

අක්කා උපහාසයෙන් කිව්වාය.

“එයා දැන් නාට්‍යකාරයෙක් විතරක් නෙවෙයි අක්කේ…. ජනකාන්ත නලුවෙක්, සම්මානනිය අධ්‍යක්ෂකවරයෙක්, තිරපිටපත් රචකයෙක්, ගීත රචකයෙක් මේ රටට අත්‍යාවශ්‍ය කලා කාරයෙක්”

මම මුවින් නොබැණ සිතින් සිතුවෙමි.

“අක්කා අයියා එක්ක කොළඹ යන්න පිටත් වෙන්න. දැන්මම ගියොත් රෑ වෙන්න ඉස්සර යන්න පුලුවන්.”

“උඹට මාව එළව ගන්නද ඔනී, පොඩ්ඩි. ඔව් මඟුල් නටන්න නාට්ටියකාරයා එයි. හත් දවසේ දානේ එනකම්වත් මැරුණු මිනිහාට සැනසීමක් දීපන්… ”

“අක්කා දැන් යන්න. ”

කිසිදු හැඟීමකින් තොරව අක්කාගේ මූණ නොබලා මම කියූවෙමි. රිදෙන වචනයක් පාසා උත්තර දිමෙන් වැඩි වැඩියෙන් රිදෙන බැව් මම කුඩා කළ සිටම උගත්තෙමි.

“රංගී අපි ගෙදර යමු… ”

මා අසල හිඳි මාගේ තනි නොතනියට නිවසේ හිඳිනා මා යම්තාක් දුරට තේරුම් ගත් ඇයට කියුවෙමි. ඈ නිවසේ සේවිකාව ලෙසවත් කිසිවෙකුට මා හඳුන්වා නොඳුන්නේ ඈ මා මනුස්සයකු ලෙස දුටු අතළොස්ස අතරින් එකෙකු නිසාවෙනි.

හන්තාන පාරේ වංගුවලින් ඉඳිරියට මම රිය ධාවනය කලෙමි. හිස් වන්නට කියා අමුතුවෙන් දෙයක් සිතෙහි තිබුණේ නැත. පෙර සේම තේ වතු යාය ගහකොළ ගස් වැල් තිබෙන්නා සේම මාද සිටියේමි. මා නොසැලී සිටී යැයි ඔහු දකින තෙක්ම සිතා නොසිතා සිටියෙමි.

ඒ ප්‍රේම් බැව් මා දුර තියාම හඳුනා ගත්තෙමි. අවමංගල්‍ය සේවයට බාර දුන් දේවේන්ද්‍රගේ අවමගුලින් පසු මා බලන්නට එන එකම කෙනා ප්‍රේම් හැර වෙන කවුරුද? මා මෝටර් රථයේ වේගය මඳක් අඩුකර මෝටර් රථයේ කැඩපතින් මාගේ මුහුණ දෙස බැලූයෙමි. හිස්ව තිබෙන ඇස් ඔහුට ළං වූ පසු පිරී ඉතිරෙන බැව් මා හොඳා කාරවම දැන සිටියෙමි.

මතුසම්බන්ධයි.

හසන්ති ශාරිකා යාපාබණ්ඩාර – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.