පිණි බින්දු බින්දු මල් කැකුලට හාදු පුදනවා
ගී සින්දු ගයන කුරුලු හඬින් සවන් පිරෙනවා
මල් වැස්ස වැටෙන සරු පොළවට පණක් ලැබෙනවා
ගෙයි කවුළු දොරින් සිසිල් සුළං කැරලි නටනවා
හිරුට හොරෙන් කැකුළු සිනා මුතු දිලිසෙනවා
නුවන් අගින් මවන මුකුළු සිත සනසනවා
හීන් සරින් පිණි කැට මල් කැකුළු දොවනවා
සරස්වතිය යහන් දොරින් එබී බලනවා
වළා පෙළින් එහා ලොවෙන් හිරු පායනවා
පොඩි දෝණිගෙ සිනා හඬින් ගම පිබිදෙනවා
සීතල හිම වැස්සේ ආදරය සොයනවා
සෙනෙහස උණුසුමට කැකුළු හද පුරවනවා
පාරදිගේ මල්යායට බිඟුන් ඇදෙනවා
සුවඳ හමන පවන් රොදින් පෙති විසිරෙනවා
සිහින පැතුම් පොදි අඹරේ පාවී එනවා
සුරන්ගනා ලෝකය දැක දුව නිදියනවා
By Ramani Gunawardena – Moratuwa, Sri Lanka