අට වසරක් නිදාන සිටි වත්ත පහළ රෝස පඳුරෙ
හිටිහැටියෙම රතු පාටින් කැකුළු පිපිලා අම්මා දැකලා
දුහුවිල්ලෙන් සැඟවී සිටි කාමරෙ පුටු මේස අතරෙ
නැවුම් දිස්නයක් ඇවිත්ලු ඇඳ රෙදි හෙම අලුත් වෙලා
අම්මා සමඟ අමනාපෙන් සිටි වට්ටොරු පොතෙහි මිතුරෙ
පිටු එක–දෙක පෙරළෙන’යුරු තාත්තා හොරැහින් දැකලා
එළියට විත් පාට වැටී බෝනික්කන් සිටියා අඳුරෙ
පැණිරස දැමු හිස් බඳුනත් කරලියෙහිලු දැන් පිරිලා
ගේ දොර යළි එළිය වැටී හඳ මාමයි කිව්වෙ හොරේ
චූටි දෝණි නිවාඩුවට ගෙදර එනවා රට ඉඳලා…!
By Dulangi Perera – Auckland