ගව් දහස් දුරින් වුව ලොව ප්රතිපක් ෂ
සයිබර් වර් ණ තැවරුණු අති උත්කර් ෂ
කොපි පේස්ට් සුබ පැතුම් ශීතල ස්පර් ෂ
ආසිරි සැමට ලැබුවා වූ නව වර් ෂ
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දක්ෂිණ ධ්රැවය ළඟ සක්මන් කරන්නේ
සැඟවුණු අමුත්තා සැම තැන සොයන්නේ
බාධක දිවීමෙන් කවුරුත් දිනන්නේ
කපති දූපතේ තුයි කොවුලා හඬන
ඉස්නානෙට රෝස්මරී තෙල් හිඳින
කොණ්ඩය නැති කැවුම රෙසිපිය සුළඟෙ යන
හදවත රොතරුවා වකි උණු දිය නටන
මංගමුනෙයි සමනොල කන්දේ නගින
බෝඩර් චෙකින් බල කරවල වැට පනින
වසාබි හැපිලා සුළු දිය තරු පෙනෙන
පොහොතුකා ගසක එරබදු මල් පිපෙන
ඇපල් අතු පතර බෝ පැල සොයන සඳ
ඩොලර් ගසක පැටලී වැටුනයි සබඳ
ගස පාමුල කොටියා වැඩ සිටිනවද
මං එනතුරු ඉඳි වැට ළඟ බලනවද
ඒ. එම්. එල්. අත්තනායක – ඕක්ලන්ඩ්






