ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනි
ගිලන් හද කලඹන සුසුම්
කුණාටුව නැගෙන දින
අරඹන්න හුදෙකලා චාරිකා
ඔසුවක් නොමැති හද බිඳුමට
ඔහිය දුම්රියපොළෙන් බසින්න
ලකුණු කර පඬුරක්
කපුවෙකු නොමැති දේවාලයේ
ලෝකාන්තය දෙසට
බොරළු කැට පය රිදවමින
සැතපුම් හයක් දෙපයින්ම යා යුතු
මීදුම් පලකයේ හඬන වැහි ලිහිණි
පිස ඇද හැලෙන හිරිකඩ
ඕකිඩ් මල් තුඩග
සිසිලස තවරමින
නිසල ජල විල් පුරවන
හිම මිදුණු හෝටන් මිටියාවත
යුග ගණන් ඉකිබිදුම් ගලාවිත්
ලෝකාන්ත බෑවුමේ සැදි
අශෝක පඳුරකින් මලක් ගෙන
පසු ගමන් යෙදෙන සඳ
දෙවොල් බිම බාරයට
දුටුවාද තව මලක්
තවත් කිසිවකු ආ වග
පුදසුන් කෙළවරක
කඳුළකින් නැහැවුණු
ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනි
ඔසුවක් නොමැති හද බිඳුමට
කඳුළකට කඳුළක් හමුවන
ඔහිය දුම්රියපොළෙන් බසින්න
By A.M.L. Attanayake – Auckland