සිරුරත ගලන රතු ලේ මට දුන්නාය
හිරු සඳු දකින්නට මට නෙත් දුන්නාය
මදනලේ සුවඳ විදුමට ඉඩ දුන්නාය
ලොව්තුරු සුවය අම්මා මට දුන්නාය
අම්මට සතුට දරුවන් ලැබ සැනසෙන්න
දියණිගේ හිසේ මල් වතුරෙන් නාවන්න
යහමග කියා දී දිවි මග පෙන්වන්න
වෙන සතුටක් ඇද්ද අම්මට තව සැනසෙන්න
කොල්ලෙක් ලැබ ගන්න සිරිමා බෝධියට
පඬුරක් දමන්නේ පැතුමන් දිනන්නට
පුතෙක් ලැබුණු දා වෙන සතුටක් කුමට
මහමෙර කුඩයි ලැබ ගත් ඒ ඇගේ පුතුට
මනාලියක් වී අම්මට බුලත් දෙන
දුවක් දකින අම්මගේ සිත් සැනසෙන්න
වෙනත් කිසිත් ඕනැ ද නෑ මම දන්න
අම්මගෙ සිතට ඒ මිහිරකි සැනසෙන්න
අහස් තලෙන් මරු කතරට වහින වැසි නිවාලන්න හැකිවෙයි ඇති දුක් කඳුළු
අම්මගෙ සිනා කට පරයයි හැම රුදුරු සිනාසෙන්න ඔබ සැමදා මට මියුරු
By V.M. Dissanayake – Kurunegala