බැඳී මුතු ලෙස සිනා කඳුලූ
දරා සයුරේ පතුලක
නැඟී බිඳෙනා අයුරු දළ රළ
බලා සිටියා වෙරළක
කඩා හැලෙනා පුංචි තරුවක්
දැවී යද්දී ඒ දුක
නුබෝ ගැබ ඉවසාන උන්නා
මහා දුක් කඳ සසරක……….
රිදුම් පිරිමැද ලැගුම් ගන්නා
සොඳුරු නිල්වන් අහසක
විඳිම් පැහැදී නැවුම් පහසක්
සැලෙන සිහිලැල් පවනක
පුදම් නිකැලැල් මගේ ප්‍රේමය
පරම පිවිතුරු දැහැනක
රිදෙන්නැති තැන් හමු නොවේවී ,
අපිත් අසරණ සසරක
සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල – ඕක්ලන්ඩ්






