ඔබ වවපු රෝස පැළ දෙක
වතුර දාලා, පොහොර දාලා
තව චුට්ටක් ආදරෙත් ඉහලා
දයාව කරුණාවෙන්
මල් පෙති හැමදාම සිඹලා,
ලොකු කරපු ඒ රෝස පැල දෙක.
පාට පිච්චෙයි කියලා
තද ඉර එළියෙනුත් හංගලා
පෙති ඉහිරෙයි හිතිලා
සැඩ සුළගෙනුත් වෙන්කළා.
හොදටම හැදෙන්න ඕන නිසා
වටේ තිබුන වල් පැළත් ඔක්කෝම ගලවලා
ලොකු කරපු ඒ රෝස පැල දෙක.
තව වත්තක් සුවඳ කරන්න
ඒ රෝස මල් කඩන්න
දවසක් එන බව දැන දැනම
තනිය තනියෙන්ම දරාගන්න හිතන්
ලොකු කරපු ඒ රෝස පැළ දෙක
අතින් අත නෑරම
තවමත් මල් ගැනම හිතන්නේ කොහොම
හිතින් හිත බැඳිලම
දහසක් හීන තවමත් දකිනවද
දුරින් දුර උන්නද?
හැමදාම මල් සුවඳ දැනෙනවා නේද
අම්මෙක් තාත්තෙක් ඇරුනම
එහෙම රෝස පැළ හැදුවෙ වෙන කවුද?
දිලිනි කුමාරසිරි – වංගනුයි