‘පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහෙනවා
ගොක් අතු උනත් දවසක පොල් අතු වෙනවා’
හරියටම ගෙයි දොරකඩ, ඒ කියන්නෙ?
මගෙ මිනිහ පොල් කැඩුව කියලයි
ගහ පල්ලෙ ඇද වැටුන කියලයි
දිරාගිය පොල් අත්ත අස්සෙන්
වැටුන හිරුරැස් මිනිය මතටම
උන්න වගෙමයි කියල
මළගෙවල්වල ගැහැණු අඩනව
මේ තරම් ලස්සනට
ඇඳපු දවසක් දැකල නැහැ මම
අනෙක් පැත්තෙන් සුවඳ
නෝනලගෙ පෝන් වල මොකද්දෝ තියනවලු
හරියටම දුර වැටෙන
ඒත් ගස්වල උස?
මගෙ අතට දුන් මුදල්, පනහෙනුත් බෙදාගන
ගුණකලෝතින් උසින්
ඒත් ලැබුනේ, කොටසක්නෙ මට
අවුරුදුත් තිස්පහක්
ඒ ප්‍රශ්නෙ ඕනැ නැහැ ඔලුවටත් බරවැඩියි
පූංචි උන් මුලුගානෙ ලොකු එකා දොරකඩම
පිළිගන්නවද කොහෙද?
මිනිස්සුත් හරි දුකින් තේ බොනව, විට කනව
බෝමළුව නොදැක්කට, සිල් සුවඳ නොවින්දට
දෙසුවෙ හාමුදුරුවොත් උපාසකයෙක් කියලා
පන්සලේ පොල් කඩල ගොඩගහල දුන්නානේ
අනේ මන්දා මගෙත් හිත දුවන අස්සවල්
නුඹේ ගස්වලල්ලෙන් තොන්ඩුවක් හදාගන
එන්න හිතුවත් මමත් ඔහේ යන ලෝකෙටම
ලොකු එකා දැනටමත් ඒක අරගන වගේ
කස්ටමර්ස්ල කැඩෙනවාලු, ඉන්කම් එක වැටෙනවාලු
නිවන් දකින්නයි කියාල මම කවදත් පතන්නෙ නැහැ
පොල්ගස් නැති පොල් කිරි ඇති
ඒරොප්පෙක ඉපදියන්කො
නුඹට හොදි නැතුව බැහැ, හිරවෙලා මැරුනොතින්
උපන්නොත් ආයෙමෙහෙ හත්වලාමයි ඉතින්
පෙට්ටියත් වහනවා … මල්වඩම් සැලෙනවා
පස් ටිකක් දාන්නට
මමත් ඔහෙ ඇදෙනවා …
By Sagara Wickramasinghe – Rangiora – Canterbury