fbpx
8.8 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴ දසවන දිගහැරුම෴෴

Must read

මාගේ කාර්යාලය අසළට මා ඇරළු අභිමන්යු මා දෙස බලා , she likes you , if you need anything you can always come to my place and talk to Mom. I did ring you last night to tell you about breakfast arrangement, but you didn’t answer sorry you may feels uncomfortable and I didn’t had any choice coz I promised her last night that I pick you for breakfast. Save the number See ya Tc දුරකතනය අතට ගත් මා , එම අංකය ඉදිරියෙන් ඔහුගේ නම සටහන් කර ඔහු නොපෙනී යන තුරු බලා සිට කාර්යාලය තුළට කඩිනමින් පිය නැගුවේ වෙනදා නොවූ උද්යෝගයකිනි හෙට දිනයේ පළමුවරට සංවිධානය කරනු ලබන උත්සවයේ වැඩ කටයුතු බොහෝ දුරට නිමා වී ඇතත් සවස්වරුවේ සහභාගී වීමට ඇති රැස්වීමට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කළේය. කෙටි පණිවිඩ කිහිපයක් දුරකථයට පැමිණිය ද , අයිලිෂ් කාර්යාලයට පැමිණි බැවින් ඇය සමග අවසාන ලිපි ලේඛන පරික්ෂා කිරීම ඇරඹු හෙයින් පණිවිඩ බැලීමට නොහැකි විය.෴෴෴

සියල්ල සූදානම්ය. නැවත සවස හතට උත්සව ශාලාව වෙත පැමිණෙන ලෙස දන්වා අයිලිෂ් පිටව ගියාය. පිටව යාමට පෙර උත්සව ශාලාවෙ සැරසිලි බාරව සිටිනා කන්ඩායමේ ප්‍රධානියාට දුරකථන පණිවිඩයක් දීමට ඡංගම දුරකතනය අතට ගන්නවාත් සමග නැවත කෙටි පණිවිඩයක් පැමිණියේය. එසැනින් ඇයට උදයේ පැමිණි සියළු පණිවිඩ දැක ගන්නට හැකි වූ අතර ඒ වෙන කවුරුවත් නොව “did you enjoy your mother in law’s breakfast ? ඇන්ජලා විසින් උදෑසන සිදු වු විස්තර අසා එවා තිබු පණිවිඩ කිහිපයක් විය. තනිව සිනාසුනු වන්දනා , දුරකථන ඇමතුම රැගෙන , ඇන්ජලාට කෙටි පණිවිඩයක් යවා , සවස සැරසිලා නිරීක්ෂනය කිරීමට උත්සව ශාලාව වෙත පැමිණෙන ලෙස කියා කාර්යාලයෙන් පිට වූවාය. සවස හයට පමණ සූදානම් වූ වන්දනා , ඇයට යාමට වේලාව ඇති බැවින් පියාට දුරකථන ඇමතුමක් ගැනීමට සිතුවාය. දුරකථනය කිහිපවරක්ම නාද වුව ද ඔහු ඇමතුවේ නැත. දුරකථනය දෙස මද වේලාවක් බලා සිටි වන්දනා කුමන මොහොතක හෝ පියා ගෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තුවෙන් නිවසින් පිටවූයේ යා යුතු වේලාව ඉතා ආසන්න වු බැවිනි. ඇය යන විට අයිලිෂ් පැමිණි සිටි අතර, ඇන්ජලා ද සුළු වේලාවකින් පැමිණියේය. තරුණ තරුණියන් කිහිපදෙනෙකුගෙන් යුත් සැරසිලි කරන්නන් ඔවුන්ගේ අදාළ වැඩකටයුතු ආරම්භ කර තිබුණ අතර ඉතා පළපුරුදු කණ්ඩායමක් වූ ඔවුන්ගේ නිරීක්ෂණය කිරීමට දෙයක් නොමැති බව වන්දනාට ඔවුන්ගේ වැඩ දුටු සැනින් හැගී ගියේය෴

දුරකථනය දෙස කිහිප විටක්ම බැලූ වන්දනා , තාත්තා කුමක් හෝ රාජකාරියකට නිවසින් පිටව ඇතැයි සිතූහ. Hi is everything ok? Hi I didn’t know that you were here, I came while a go but you were busy checking your phone. Ohh ya I’m trying to contact my father Anything urgent No no actually it’s just a regular checkup call He may be busy with work did you check with your mon? Abhimanyu can you please come and help us for this ? I’ll catch you later don’t over think. Ohh you are a life saver Angela එලෙස තමන්ටම මුමුනා ගත් වන්දනා සිතුවේ තවදුරටත් ඔහු රැදී සිටියා නම් අසනා ප්‍රශ්නවලට කෙලෙස පිළිතුරු දෙන්නේ දැයි කල්පනා කරමින්ය.෴

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.