නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි, සන්ධ්‍යා ලේකම් ඉද්දවල මහත්මියගේ ගී හා පද්‍ය එකතුවක් ‘සන්ධ්‍යා සංකල්පනා’ නමින් ඕක්ලන්ඩ් රෙමුරාවල දී පසුගියදා එළි දැක්විනි.
ඉන්ද්‍රා කොළඹගේ මහත්මිය මෙහෙය වූ මෙම වැඩසටහනෙහි දී පොතෙහි මුල් පිටපත ප්‍රවීණ ගී පද රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතාට පිළිගැන් වුණි. ඒ මහතා ‘සන්ධ්‍යා සංකල්පනා’ වල අන්තර්ගතයන් ගැන කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කළේ ය. බස්සෙකු හා ජීවත් වන ගිරවියගේ කථනයක් වන ‘නොපෑහෙන දීගේ’ හා ‘දස්කොන් නුඹම සංසාරේ පැතුවා’ වැනි නිමැවුම්වල ඇති ගී හා ව්‍යංගය සහිත කාව්‍යමය ගුණාංග ගැන කරුණූ ඉස්මතු කර දැක්වීය.
එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, රෝහණ සිරිවර්ධන වැනි ප්‍රවීන ගායක ගායිකාවන් මුලින් ගැයූ ගී කිහිපයක් රංගිකා ප්‍රනාන්දු, මධූශ වික්‍රමසිංහ, කුමුදු විජේසිංහ, ඔනෙත්‍රා දෙනියගේ, සන්ධ්‍යා විජේසුන්දර හා ප්‍රියානන්ද විජේසුන්දර යන මහත්ම මහත්මීහු ප්‍රතිගායනා කළෝ ය.
‘සෑම පුද්ගලයෙකු තුළම කවියෙකු සැගව ඇතැයි ද අවශ්‍යවන්නේ ඒ කවිත්වය එළිදැක්වීම’ යැයි ප්‍රියානන්ද විජේසුන්දර මහතා මෙහිදී දැක්වූ අදහස නවසීලන්තයේ පමණක් නොව සෑම තැනකම සිටින සියලුම රසික රසිකාවියන්ට තම කුසලතාවය ඔප්නගා ගැනීම සදහා ඉදිරියට ඒමට ධෛර්‍ය දෙන ආරාධනයකි.
‘දස්කොන් නුඹම සංසාරේ පැතුවා’ වැනි පද්‍ය කිහිපයක් ‘ශ්‍රී ලංකන්ස්’ පුවත් පතේ ද පළ වී ඇති අතර අපි සන්ධ්‍යාට සුබ පතන්නෙමු.
කතෘ (ශ්‍රී ලන්කන්ස්)