fbpx
9 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජිත්මන් රාමචන්ද්‍ර – ශ්‍රී ලාංකීය – නවසීලන්ත සංක්‍රමණික පරපුරේ නොමැකෙන නමක් | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර  ජීවත්වෙමින් ශ්‍රී  ලාංකික ප්‍රජාව වෙනුවෙන් සමාජ සත්කාර රැසක් සිදුකළ මෙන්ම ඒ සඳහා පුරෝගාමියෙකු වූ ජිත්මන් රාමචන්ද්‍ර මහතා පසුගිය අගෝස්තුවේ දී ජීවන ගමනට සමුදුන්නේය. ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි.

1996 දී එක්සත් ශ්‍රි ලංකා සංගමයේ ලේකම් ධුරය ද 1997  සභාපති ධූරය ද දැරූ ඔහු උදව්වක් සහයෝගයක් අවැසි තැනකදී ඉදිරියෙන්ම සිටී පුද්ගලයෙකි. ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ හැකියාවන් ඉදිරිපත් කෙරෙන අදටත් වාර්ෂිකව ඕක්ලන්ඩ් නුවර පවත්වන සිංහල අවුරුදු ප්‍රසංගය වන “හෙළ මිහිර” ප්‍රසංගයේ නිර්මාතෘ මෙන්ම “ජන්මභූමි” ගුවන් විදුලි වැඩසටහනේ පුරෝගාමියා ද ඔහුමය. මෙවැනි වූ සමාජ සත්කාර කරමින් ශ්‍රී ලාංකික ජනතාව උදෙසා එතුමා සිදු කළ සේවාව ඉමහත් ය.

ඔහු අතින් සිදු වූ අමිල මෙහෙවර වූයේ බුදුරුවක් නොමැති නවසීලන්තයේ ලාංකීය බෞද්ධ විහාර සඳහා සියතින්ම නිර්මාණය කළ අටවිසි බුදුපිළිම පූජා කිරීමය. 2006,2007 කාලයේ දි එතුමන් ළඟ තිබුණු සමාධි බුදු පිළිමයේ අනුරුවක් නවසිලන්තයේ කර්මාන්ත ශාලාවකට දී අච්චුවක් සාදවා මහත් කැපකිරීමකින් හා සුපසන්සිත් පෙරදැරිකර ගෙන ඔහු විසින්ම බුදුරුවක් නිර්මාණය කර ඒ අනුව යමින් අටවිසි බුදු පිළිම සාදවා ලාංකික විහාර සඳහා එම පිළිම පූජා කිරීමේ පින ඔහු ලබා ගත්තේය. එවකට නවසීලන්තයේ විසූ ලාංකික බෞද්ධ නිවෙස්වල මල් පහන් පූජා කර ඇත්තේ ලංකාවෙන් වෙසක් කාලයට ලැබෙන වෙසක් පතටය.  එතුමන් එම නිවෙස්වලින් වැඩි ප්‍රමාණයකට තමා අතින්ම සෑදූ බුදු පිළිම ලබා දුන් අතරම එම බුදුරුව තැන්පත් කරන්නට ලී කැටයම් කළ බුදු ගෙවල් ද ඔහු ලබා දුන්නේ තමන්ගේම වියදමින්ය. මාසිකව පන්සලේ සිල් සමාදන් වන උවැසි උවැසියන්ට වාඩි වීමට පහසු ආසන සකස් කර දෙන්නට ද ඔහු අමතක කළේ නැහැ.

ඔහු තම නිර්මාණශීලී කුසලතාවය උපයෝගී කරගනිමින් එවකට  නර්තනයන්ට අවශ්‍ය වු කුළු, රබන්, මගුල්බෙර ආදිය නිර්මාණය කර දුන්නේ ස්ව කැමැත්තෙනි. තවද ඔහු ලංකාවේ සිටි සමස්ත ලංකා මැජික් ශූරයෙකි. ඒ හැකියාවෙන් ලාංකික ප්‍රජාවට විනෝදාස්වාදය ලබා දෙන්නට ද ඔහු අමතක නොකළේය.

“ශ්‍රි ලංකන්ස්” යූටියුබ් නාලිකාවෙන් කෝවිඩ් සමයේ සිදු කළ අවුරුදු මතකයන් වැඩසටහනට  එතුමන් ලබා දුන් දායකත්වය සිහිපත් කරන්නේ ද ඉමහත් ගෞරවයෙනි. ඉගෙනුමට වයස බලපාන්නේ නැතැයි කීමට එක් උදාහරණයක් ජිත්මන් මහතා. වෘත්තියෙන් ඉවත්ව විවේක සුවයෙන් ගත කරන අවධියේ ඔහු චිත්‍ර කර්මය පිළිබඳව හැදෑරීම් සිදු කළා. ඔහුගේ නිවෙසට යනෙන අයෙකුට අදටත් ඔහුගේ මනරම් පින්තාරු දැක ගැනීමට හැකිය.

ජිත්මන් රාමචන්ද්‍ර මහතා ධර්මයට බොහොම ලැදි පුද්ගලයෙකි. ධර්ම පුස්තක රැසක් පරිහරණය කරමින් ධර්ම දැනුමින් පොහොසත් වූවෙකි. තමන්ගේ අවසන් කාලයේදීත් ගිලන් ඇඳ මත හිඳිමින් ධර්ම පොත් කියවමින් ධර්මය ශ්‍රවණය කරමින් පමණක් නොව පැමිණි අයට ධර්මය කියා දෙන්නටත් ඔහුට හැකි විය. “හැමදාම ගෙදර බුදු පහන තියන්න,” ඒ ඔහුගේ අවසන් ඉල්ලීමය.

By Dimuthu Wijesooriya – SrilankaNZ

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.