‘මට මගෙ නම මතක නෑ. නෝන කවුද මතක නෑ. ළමයි කවුද මතක නෑ . මගෙ කාර් එක මොකක්ද මතක නෑ. මම වැඩ කළෙ කොහෙද? මගෙ ගෙදර කොහෙද? මම කවුද? ඔක්කොම ගිහින්. බලන්න ඩොක්ටර් මට මේ ලෝකෙ දෙයක් මතක නෑ.’ රෝගියා පැමිණිලි කළේ ය.
‘හොදයි, කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිල,’ දොස්තර මහතා අසා සිටියේය.
‘මොන ලෙඩේද?’ අසමින් රෝගියා මුව අයා ගත්තේය.