අප පියනගපු ‘Auckland Institute of Excellence’ අධ්‍යාපන ආයතනයේ දොරටුව අසල අලංකාරව ප්‍රදර්ශනය වූ SriLankanz පුවත්පතට මගේ මිතුරෙකුගේ සිත ඇදී ගියේ ආපු කාරණාවක් අමතක කරමින් ඔහු ආශාවෙන් සිංහල පුවත්පත අත පත ගෑවේය.
‘ඇයි බලන්නේ, ඔය පත්තරයක් ගෙනියන්න. මේක නොමිලේ බෙදන පත්තරයක්.’ එම ආයතනයට අනුශාසකත්වය දෙන ආචාර්ය ක්‍රිෂාන් ගාල්ලගේ මගේ මිතුරාට කියන හඬ මට ඇසිණ.
ක්‍රිෂාන් මම දුටුවේ ඊට මොහොතකට පසුවය. ‘එන්න එන්න වාඩිවෙන්න.’ මට කියන විටත් මගේ මිතුරාගේ දරුවා ගුරුවරු දෙදෙනෙකු වෙත බාරදී අවසන්ය.
මෙම අධ්‍යාපන ආයතනය අවුරුදු තුනේ සිට දහතුන ශ්‍රේණිය දක්වා දරුවන්ට විෂයන් කීපයක්ම සති අන්තයේ වගේම සතියේ දිනවල පස්වරුවේත් උගන්වන බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වුණු අධ්‍යාපන ආයතනයක්. එය ඉතාමත් පලපුරුදු නිපුණත්වයකින් යුතු පශ්චාත් උපාධිධාරීන් විසින් ශිෂ්‍යයන්ගේ හැකියාවන් හඳුනාගෙන විශේෂයෙන්ම ඔවුන් සඳහාම ගැලපෙන පාඨමාලාවක් ඔස්සේ අධ්‍යාපන විෂයයන් කඩිනමින් වටහා ගැනීමට සරිලන සේ සැකසුණු අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක්. සෑම ළමයෙකුටම සියලුම නිබන්ධන නොමිලේ ලැබෙන අතර එම වියදම්වලට සහ ගුරුවරුන්ගේ වියදමට සහායක් ලෙස ඉතා සුළු මුදලක් එක් අයෙකුගෙන් අය කරන නමුත් මෙයට අත හිත දෙන සියලුමදෙනා මෙය ඉටු කරන්නේ ප්‍රජා සේවාවක් වශයෙන්. ඉරිදා දිනයක මම එම ආයතනයට ගොඩවූයේ මගේ මිතුරාගේ දියණිය එම පංතියකට ඇතුළත් කර ගැනීමේ අටියෙනි. එහි වැඩිපුරම ලාංකික සම්භවයක් ඇති දරුවන්ගෙන් පිරී තිබිණ. ඇතුලුවන තැනම ‘ශ්‍රී Lankanz’ පුවත් පත් ගොඩක් මේසයක් මත තබා තිබුණි.
‘ඇයි මෙතන පත්තර?’ මම ඇසුවෙමි.
‘මම උපදෙස් දී ආරම්භ කළ අධ්‍යාපන ආයතනවල වගේම මම උගන්වන දහම් පාසල්වල මෙම පත්තරය පැමිණෙන දෙමව්පියන් දූ දරුවන් අරගෙන යනවා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිපි තියෙනවා. ළමා පිටුව කවි කතා විතරක් නෙවෙයි ලංකාවේ සංස්කෘතිය භාෂාව අපේ දරුවන්ට දැන ගන්න මේවගේ පත්තරයක් වැදගත්. මේක අපේ ලාංකික අනන්‍යතාව තහවුරු කරන නිසා අපි උදව් කරන්නෙ,’ යි ඔහු කීවේය.
මේ අධ්‍යාපන ආයතනය මෙතන විතරද තියෙන්නේ ? ‘ මම ඇසුවෙමි. Meadowbank Community Centre හි තියෙන්නේ. හැම ඉරිදම 11 – 3 pm හැබැයි සෙනසුරාදා උදේ 9 – 12 දක්වා Mt Albert senior Citizen Hall, එකෙත් 2pm – 5pm දක්වා Glenfield Community Centre හිදිත් වගේම සතියේ දිනවල හවස අනිකුත් ස්ථානවලත් ඔබගේ ළමයාට අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් දැන් තියෙනවා. හැම සතියකම එක දවසක් තුළ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තාක්ෂණය යන විෂයන් ඉගැන්වෙනවා.’ ඔහුගේ පිළිතුර වීය.
‘මේක ප්‍රජා සේවාවක් වගේ. විශාල වියදමක් දරනවා. ඒත් ළමයෙකුගෙන් අය කරන්නේ ඉතාමත්ම සුළු මුදලක්. මේකත් ඔබගේ SLNZ HELPLINE එක වගේ ලාංකික ප්‍රජා සේවයේ කොටසක්ද?’ මම ඇසුවෙමි.
‘නැහැ. මේක ඒකට අදාළ නැති වුණාට මෙය බිහිවන්නේ එවැනිම ආකල්පයක් මත. SLNZ Helpline එකේ අද දහස් ගණනක් නවසීලන්තය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට විවිධ උදව් උපකාර නොමිලයේ ලබා දෙනවා. නවසීලන්ත පුරා අපේ ස්වේච්ඡා සේවා සපයන්නන් සම්බන්ධීකරකයින් ඉතා ඇප කැප වෙලා අපේ ලාංකියිනට උදව් කරනවා. පසුගිය අවුරුද්ද පුරාම ඉංග්‍රීසි අධ්‍යාපනික පාඨමාලාව ඒ වගේම බොහෝ වැඩමුළු නොමිලේ පැවැත්තුවා. මෙම ආයතනය බිහි වන්නේ එම වස්තු බීජයේ දිගුවක් ලෙසට.
වැඩි විස්තර අවශ්‍ය නම් 0272042234 රසිකා හෝ 02102719214 එරංජනට කතා කරන්න.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්