fbpx
10.4 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

කෘතිම බුද්ධිය හා ශ්‍රී ලංකන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කෘතිම බුද්ධි-ව්‍යාප්තිය අද ලොව පුරා පවතින බලගතුම ප්‍රවණතාවයන්ගෙන් එකකි. අද රියැදුරන් නැතිව වාහන දුවයි. නළු නිළියන් නැතිව චිත්‍රපට නිෂ්පාදනය වේ.  වැඩිහිටියෙකු වුව තම නිවසෙහි ආරක්ෂාව, රූපවාහිනීය,  වායුසමීකරණය විදේශයක සිට තම මොබයිලයෙන් හැසිරවීම සාමාන්‍ය දෙයකි. ඡායාරූප පමණක් නොව කෙනෙකුගේ ජීවදත්ත පවා එක්රැස් කිරීමට අධිතාක්ෂණ කැමරා යොදා ගැනේ. සන්නිවේදනය, ප්‍රවාහණය, අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, අභ්‍යවකාශ තරණය වැනි කවරම ක්‍රියාවලියට වුව කෘතිම බුද්ධිය යොදා ගැනේ. ඒ ඒ රටවල මෙම ප්‍රවණතාවය කවර මට්ටමක පවතී ද යන්න ගැන විවිධ දත්ත පර්යේෂණ ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. භාවිතය හා අන්තර්ජාල ප්‍රවීණත්වය ලැබු සංඛ්‍යාව අනුව එක්සත් ජනපදය ද භාවිතයේ ඒකජන අනුපාතය අනුව සිංගප්පූරුව ද  මුල් තැන් ගන්නා බව සමහර සමීක්ෂණවල සදහන් වේ.

වසර ගණනාවක සිට  ශ්‍රී ලංකාවේ කෘතිම බුද්ධි-භාවිතය සමාජ කතිකාවට ලක්ව තිබූ අතර රාජ්‍ය ආයතන, ව්‍යාපෘතීන්, ව්‍යාපාර හා පුද්ගලයන් ඉන් ඵල ප්‍රයෝජන ගනිමින් සිටින තත්ත්වයක පවතී. කොළඹ පෝට් සිටිය කෘතිම  බුද්ධිය බහුල වශයෙන් යොදාගන්නා විශාල ව්‍යාපෘතියකි. ‘වගකීමක් සහිත සංවර්ධන වැඩ පිළිවෙලක් යටතේ 2030 වන විට ශ්‍රී ලංකාව කලාපීය කෘතිම බුද්ධීමය කේන්ද්‍රයක් කරන්නට අදහස් කරන බව,’ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය 2024 සැප්තැම්බර් නිකුත් කළ ප්‍රකාශනයක සදහන් වේ.  නවසීලන්ත රජය හා පෞද්ගලික අංශ ආරම්භයේ සිටම කෘතිම බුද්ධි  භාවිතයේ යෙදී ඇති අතර විද්‍යා හා තාක්ෂණික අමාත්‍යවරයා එම තාක්ෂණයම යොදා ගනිමින්  2025 ජූලි මස ‘නවසීලන්ත කෘතිම බුද්ධි වැඩපිළිවෙල’ ඉදිරිපත් කළේය. වසර 13ක දී මෙම තාක්ෂණය මගින් නවසීලන්ත ආර්ථියට ඩොලර් බිලියන 70 ක් එකතුවනු ඇතැයි වාර්තා වේ.

Photo Credit-Colombo Port City

මෙම වැදගත්කම නිසා  ‘ශ්‍රී ලංකන්ස්’ කලාප කිහිපයකම කෘතිම බුද්ධ තාක්ෂණය ගැන ලිපි පෙළක් ඉදිරිපත් කළේය. අද දෘෂ්‍ය-ශ්‍රව්‍ය දුර්වලතා ඇති අය වෙනුවෙන් එම මාධ්‍යයන් පරිහරණය කිරීමේ පහසුකම් සැලසීමට කෘතිම බුද්ධිය යොදා ගැනෙන ආකාරය, එහි ආක්‍රමණයෙන් දරු පරපුර ආරක්ෂා ගැනීමේ වැදගත්කම,  ජනප්‍රිය නාලිකාවන් වන Freeview හා  TVNZ  පිළිවෙලින් Freeview+ හා  TVNZ+ බවට පත් වී ඇති ආකාරය වැනි කරුණු රාශියක් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්යය අමල් පුංචිහේවා මහතා මෙම ලිපි පෙළ ආරම්භ කළේය. ඔහුගේ ලිපි අතර කෘතිම බුද්ධිය පටන් ගැන්ම හා යොදා ගැන්ම ගැන තොරතුරු රාශියක් ඉදිරිපත් කෙරුණි.

ඩෙඩ්ලි ගේම්ස් (Deadly Games ) ගැන සදහන් කරන ආචාර්යය නන්දන කුමාර මහතා කෘතිම බුද්ධිය නිසා දරුවන් ඇද වැටෙන අවධානම විස්තර කරයි. Blue Whale Challenge, හා  Momo Challenge වැනි අන්තර්ජාලික ගේම්ස් එම ක්‍රීඩාවේ යෙදෙන දරුවාගේ මානසික තත්ත්වය ග්‍රහණය කරගනිමින් ‘වැඩිහිටියනට දෙමාපියන්ට තමන් ක්‍රීඩාවේ යෙදෙන බව හෙළි කළහොත් විශාල අනතුරක් වන බවට’  බිය ගන්වයි.  නැතහොත්  දරුවාට විශාල ත්‍යාගයක් ලබා ගැනිමට යොමු කරවමින් නොමග යවයි. මෙකී ක්‍රීඩාවලට නතුවන ළමා මනස විකෘති කර දමයි. මෙම ක්‍රිඩාව කරමින් සිටි ඉන්දියානු දරුවකු උඩුහමහලෙන් පැන සිය දිවි නසාගත් බව බී.බී.සිය  වරක් වාර්තා කළේය. එංගලන්තයේ හා අමෙරිකාවේ දරුවන්ගේ මරණයට මෙම ක්‍රීඩා හේතු වූ අවස්ථා ගැන ආචාර්යය නන්දන කුමාර මහතාගේ ලිපිවල විස්තර කෙරෙයි. ‘Choking Game’, ‘Blackout Challenge’ වැනි අන්තර්ජාල ක්‍රීඩා, ටික්ටොක් වැනි සමාජ මාධ්‍යය, Roblox හා Discord වැනි අන්තර්ජාල ක්‍රීඩා ප්ලැට්ෆෝම්ස් මගින් ප්‍රචාරය වෙමින් දරුවනට හානි කරයි.  බොහෝ ක්‍රීඩා දරුවන්ගේ මනස විකෘති කරමින් තරගයේ  ඉලක්කයක් ලෙස ඔහුව සියදිවි නසා ගැනීමට යොමු කරවන ක්‍රීඩා බහුල බව ඔහු පෙන්වා දෙයි.

 

Deepfake වැනි නිර්මාණයන් සමස්ත සමාජයම නොමග යවන වීඩියෝ නිපදවීමට භාවිතා කරනු ලබයි. මේ මගින් නිෂ්පාදිත මෙටා (ෆේස්බුක්) හිමිකරු සකර්බර්ග් තම  කටහඬින්ම  බිලියන ගණනක තම  ග්‍රාහකයින්ගේ දත්ත තමාට පාලනය කළ හැකි බවට කියා සිටින වීඩියෝවක් හා  යුක්රේන ජනාධිපති රුසියානු  හමුදාවට යටත්වීමට තම හමුදාවට නියෝග කරන වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීය. මෙසේ කෘතිම බුද්ධිය යොදා ගැනෙන අයහපත් හා සමාජ විරෝධී  අවස්ථා ගැන ඔහු කරුණු ඉදිරිපත් කරයි.

මෙසේම තාක්ෂණයේ වේගවත් ඉදිරි පිම්මක් වන Google’s Willow ක්‍රියාකාරිත්වය  කවර වයස් කාණ්ඩයක් අතර වුව ජනප්‍රිය වී එන චැට් බොට්  (Chatbot, Chatbot Gpt) හා එහි ප්‍රභේදයන් අඩංගු  ලිපි පෙළක්ම‌ ආචාර්යය නන්දන කුමාර මහතා දිරිපත් කළේය. ‘සංගීතය, ගී රචනය, කවි, නවකතා, කෙටිකතා  සහිත නිර්මාණ සාහිත්‍යය, එම නිර්මාණ චරිතයන්හි දෙබස්කරණය,  වෛද්‍ය සේවා, අලෙවිකරණය, අධ්‍යාපනය, නගර සැලසුම්කරණය, විද්‍යා පර්යේෂණ වැනි සෑම අංශයකම යෙදෙන කෘතිම බුද්ධිය විප්ලවයක් කරමින් සිටී.’ ඔහු වරෙක සදහන් කරයි.

ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ‘ගමේ කඩයක්’ පවත්වා ගැනීමට පවා  කෘතිම බුද්ධය යොදැගැනීම විරල නොවන බවට තවත් ප්‍රායෝගික මට්ටමේ ලිපි කිහිපයක්  බුද්ධි මාතරආච්චි ඉදිරිපත් කළේය.

මෙසේ  ශ්‍රී ලංකන්ස් ඉහත සදහන් ලේඛකයන්ගේ අනුග්‍රය සහිතව කෘතිම බුද්ධි තාක්ෂණය සාමාන්‍යකරණය වීමේ ප්‍රවණතාවයේ තොරතුරුත්  ඉන්  වරෙක සිදුවන සමාජ හා‌නියේ විස්තරත්  තම කියවන්නන් අතට පත් කරවන මාධ්‍යයක් ලෙස ද කටයුතු කිරීමට උත්සාහ ගනිමින් සිටී.

-ශ්‍රී ලංකන්ස්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.