fbpx
9.7 C
New Zealand
Saturday, September 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

අමන්දානන්දය | ඩී. අමරසිරි ගුණවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සඳත් පායලා නැති මොහොතෙ
වැලි තලාවේ වෙරළෙ
ඈත මූදෙන් නැගෙන ගීතයේ
හඬත් මිහිරියි
අහස පිරිල සුදුවළාවලින්
අඳුරට හාදු දෙනවා නිහඬ ගීතයක්
ලෝකයම වෙලාගෙන
මම බදා ගත්තෙ කවුරුන්ද
සිතා ගන්නට වෙලාවක් වුණෙත් නැහැ
අරගෙන ගියා ඈතට
රැළි නැති ශබ්ද නැති සඳ නැති
තැනක ඉන්දුවා මාව
සියුම් ගීතයක් ගයමින්

සීරුවෙන් මගේ නළලට උඩින්
මල් අත්තක් සැලෙමින් සුවඳ වැගිරුවා
දැන් අඳුර තවත් වැඩියි
ගයන ගී ජීවිතේ කිසිදාක අසා නැති
බසකින් මියුරු නදකින්
වැයෙන බට නළාවකින්
වගේ අමුතු හඬකින්
මගේ සිතට කළේ කුමක්ද
මගේ සිත පිනා ගොස්
අමන්දානන්දය නේද මේ
ගලාගෙන එන්නෙ කියලා සිතුන මට

ලෝකය මොන තරම් සරලද
සුන්දරද පාළු ගණඳුරක් මැදදි
මම අඬ ගැහුව මහ සද්දෙන්
ලෝකෙටම මෙතෙනට එන්න කියලා
මේ මිහිර විඳින්න කියලා
මල් අත්ත සුවඳ තවත් සුළඟෙ පා කළා
නළා හඬ සියුම වෙමින්
ඈත ඈතට ගලාගෙන ගියා
මට තනියක් නැති වුණත්
එන්න මේ සුවඳ මේ සැහැලිය
මේ සුනදරත්වය විඳින්න
එන්න කියල මං මොර දුන්නා
ලෝකෙටම ඇහෙන්න
ගිලෙන්නෙපා බර පටවගෙන
අඬන්නෙපා බර කරේ ගෙන
තැවෙනෙපා කියල මං කතා කළා
ලෝකයටම ඇහෙන්න

ඈතින් ඇසෙන රජ අණක්
ඇයි ආවෙ මේ මොහොතෙ
ලෝකයටම රජ අණ බලපාන බව
කෑ ගසා කියන අණ බෙරයක්
ගසන හඬ
එවිටම මගේ සවන් බිහිරි කරමින්
හමා ගියා

ඩී. අමරසිරි ගුණවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.