අතට ගත්තෙමි පොතක්
කියවන්නට ,
ගත සිතේ සොදුක්
අකා මකා දමන්නට …..
ගියා සිතුවිලි අතීතෙට
බලා පිටකවරේ ඔපේ
අපි හැමදාමත් වුනෙමු නන්නත්තාර
ඔබ දොඩමළු හොද මිතුරෙකි වරෙක
දළ, දරදඩු පඩිවරයාද ඔබමය………
ළද බොළද සුන්දර සුකුමලියෙකි තව වරෙක
අව්‍යජ හදවතින් පිරි සුන්දර ගැහැනියද
ඔබමය හද අරාගත් !
ඩිජිටල් වෙලා හැම තැන
පොත්වලට කුඩම්මාගේ තැන
E – පොත කියවනවිට
පිටු පෙරලනවා වගේ ගතියක් නැත
ටැබ්ලේට් එකේ බැටරි බහිනලෙස
පොතේ නම් එහෙම දෙයක් නැත
ලෝකයක් එළිය කරණ
සරා සඳ ඔබ මිස වෙන වෙන කවුරුද
“කියවීම මිනිසා සම්පුර්ණ කරයි”
කිව්වේ පොරණේ පඩිවරු මිස වෙන කවුරුද?
ප්‍රියන්ති ඕපාත
ඕක්ලන්ඩ්