දෙපැත්තට යනෙන විට
වචන මූනිස්සම්
ඇඳන් යට කාමරේ
සැඟවෙන්නෙ දරුවන්
වචන බර අවිවෙලා
ඇවිලෙද්දි සටනක්
දරුවො පලිහක් කරන්
ජය පතත් දෙපොලක්
සටන් මැද විරාමෙදි
විමසද්දි අදහස්
දරුවො ඉල්ලා සිටියෙ
දෙමාපිය සෙනෙහස්.
අවතැන්ව කුඩාසිත්
හඬනවා සිහිනෙත්
දෙමාපිය සෙවන මිස
වෙන කොහෙද සරණක්’
යමුනා පලිහවඩන – හැමිල්ටන්